"සගය, ෆේස්බුක් ගැන නොදන්නෝ මෙරට සිටිත්ද ?"
ලංකාවට නිදහස ලැබුණ වර්ෂය නොදන්නවා වුණත්, ලංකාවෙ අගනුවර දන්නෙ නැති උනත්(ඉස්සර කාලෙ නම් මහනුවරත් අගනුවර වෙලා තිබුණ තමයි), පත්තරෙන් දැක්කෙ නැති වුණත්, ෆේස්බුක් ගැන නොදන්න කෙනෙක් ලංකාවෙ ඉඳීවි කියල මට නම් හිතාගන්න අමාරුයි. අපේ පැත්තෙ නම් මොන්ටිසෝරි යන උක්කුං බබාලත් දන්නවා ෆේස්බුක් කිවුවාම. දෙනවක හාමිනේ කියන්නෙ කවුද ඇහුවාම කට උඩ බලියගෙන ඉන්න පුංචි නංගිලා මල්ලිලාත් මාක් සකර්බර්ග් කියන්නෙ කවුද ඇහුවාම ෆේස්බුක් හදපු අයියා කියලා උත්තර දෙන්නෙ උඩ පැන පැන. ඉතිං, ගමේ ගොඩේ නගරේ පන්සලේ පල්ලියේ කෝවිලේ ඉස්කෝලේ කැම්පස් එකේ විතරක් නෙමෙයි කුස්සියේ සහ බාත් රූම් එකෙත් ජනප්‍රිය වෙච්චි, බාල තරුණ, මහළු විතරක් නෙමෙයි මේ දැන් ඉපදිච්චි ගමන් බබාලත් සෙල්‍ෆි ගහලා පෝස්ට් කරන (අම්මලත් එක්ක), කඩේකට ගිහින් බත් එකක් කෑවම ඒකෙත් ෆොටෝ ගහල දාන්න තරම් ජනප්‍රිය වුණ, ඒ වගේම ආණ්ඩු පෙරලන්න තරම් ප්‍රබල භූමිකාවත් රඟදක්වපු ෆේස්බුක් ගැන කියන්නයි මේ හදන්නෙ.
එකෙන් එක පිළිවෙලින් කියාගෙන යන්නම්.
ෆේස්බුක් කියන්නෙ මොනවගේ දෙයක්ද? ෆේස්බුක් ගැන ලස්සන සින්දුත් හැදිලා තියෙනවා. මේ සින්දුවෙන් කියවෙන්නෙ ෆේස්බුක් කියන්නෙ මොනවගේ දෙයක්ද කියල. බලලම ඉමුකො. (සින්දුවත් ලස්සනයි. ඉන්න කට්ටියත් ලස්සනයි)
ෆේස්බුක් කියන්නෙ මොනවගේ දෙයක්ද? ෆේස්බුක් ගැන ලස්සන සින්දුත් හැදිලා තියෙනවා. මේ සින්දුවෙන් කියවෙන්නෙ ෆේස්බුක් කියන්නෙ මොනවගේ දෙයක්ද කියල. බලලම ඉමුකො. (සින්දුවත් ලස්සනයි. ඉන්න කට්ටියත් ලස්සනයි)
ෆේස්බුක් ඉතිහාසය
හැමෝම දන්න විදියට මාක් සකර්බර්ග් මහත්තයා තමයි ෆේස්බුක් එකේ තාත්තා. එයා ෆේස්බුක් එක මේ ලෝකෙට හඳුන්වා දුන්නෙ, 2004 පෙබරවාරි 4 වෙනිදා, ඒ කියන්නෙ ලංකාවට නිදහස ලැබුණ ශවසෙම තමයි (1964 නම් නෙමෙයි) ලංකෑඑ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ නිදහස නැතිවෙන මේ අපූරු භාණ්ඩෙ මේ ලෝකෙට ආවෙ. දැනට ෆේස්බුක් සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටලා හ්ටියෙන්නෙ වොෂින්ටන් වල මෙන්ලෝ උද්‍යානය කියන ප්‍රදේශයේ.
2003 ඔක්තෝබර් 28 වෙනිදා සකර්බර්ග් අයියා Facemash කියලා වැඩසටහනක් එළියට දැම්මලු. ඒ එයා හාවඩ් විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර සිසුවෙක් විදියට ඉන්න කාලෙ. ඕක තිබිලා තියෙන්නෙ ලංකාවෙ ලොතරැයි දිනුම් අදිනවා වගේ "මිතුරන් අතරේ පමණයි". ඕක හෙමින් හෙමින් දියුණු කරල 2004 පෙබරවාරි 4 වෙනිදා thefacebook.com කියල නමත් වෙනස් කරලා නිල වශයෙන් එලියට දාලා තියෙනවා හාවඩ් විශ්ව විද්‍යාලයේ ඕනම කෙනෙකුට join වෙන්න පුලුවන් වෙන්න. මාසයක් යන්න කලින් කැම්පස් එකේ කොල්ලො කෙල්ලොන්ගෙන් බාගෙකට වඩා මේකෙ රෙජිස්ටර් උනාලු. 2005 අගෝස්තු වෙද්දි thefacebook.com කියන එකෙන් the කෑල්ල හලල දාලා. ඔන්න ඔහොම දියුණු කරල කරලා අමෙරිකාවෙ ඕක ජනප්‍රිය වෙද්දි 2006 සැප්තැම්බර් 26 වෙනිදා ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙන, අවුරුදු 13කට වැඩි ඕනම කෙනෙක්ට මේකෙ රෙජිස්ටර් වෙන්න පුලුවන් කියල මාක් අයියා නිවේදනය කලා.
ඔන්න ඔතනින් තමයි ෆේස්බුක් හෙවත් සිංහලෙන්ම කියනවා නම් බුකිය/මූණුපොත ලංකාවට ආවෙ. මේක ඇත්තටම අමුතු දෙයක් ලෝකෙට. මීට කලින් මෙහෙම දෙයක් දැකලම නෑ මේ ලෝකෙ කවුරුත්. ඉතින්, මීට කලින් මෙහෙම එකක් දැකල නැති කවුරුත් තමන්ගෙ වැඩක් බලාගෙන යන්නෙ නැතුව මේක වටේට එකතු උනා. ලෝකෙට ෆේස්බුක් විවෘත කරල අවුරුදු 6ක් යද්දි, 2012 ඔක්තෝබර් මාසෙ ෆේස්බුක් සමාගමෙන් කිවුවා එයාලගෙ සාමාජික සංඛ්‍යාව බිලියනය ඉක්මවූවා කියල. වර්තමානයේ ෆේස්බුක් සමාගම චැට් සැපයීමෙන් එහට ගිහින්, ලොකු සමාජ මෙහෙවරක් කරන්න උත්සාහ දරනවා.

ෆේස්බුක්හි නිර්මාතෘවරයා සහ ෆේස්බුක් මූලස්ථානය ▲
ෆේස්බුක් අනාගතය
2016 අවුරුද්දෙ ඔවුන් විශාල ප්ලෑන් කීපයක් ඉදිරිපත් කලා. එකක් Microsoft, twitter, Google වගේ සමාගම් එක්ක ඉදිරිපත් වෙලා අන්තර්ජාලය හරහා සිදුවෙන අපයෝජන අවම කිරීමට උත්සාහ දැරීම. අනික කෘත්‍රිම බුද්ධිය සෙවීමේ ලෝක මෙහෙවරට දායක වීම. දැනට තියෙන ෆේස්බුක් සේවයෙන් අපිට සේවා කීපයක්ම දෙනවා. අපේ පුද්ගලික ප්‍රොෆයිල් එකක් හදාගන්න, ෆෑන් පේජ් (Fan pages) හදන්න, එක වගේ අදහස් තියෙන අය එක්කාසු කරලා ගෲප් හදන්න, අනිත් අය දාන පෝස්ට් වලට කැමති නම් කැමති බව පෙන්වන්න (Like), ඒවට අපේ අදහස් දක්වන්න (Comment), ඒවා එයාලත් එක්ක අපිටත් බෙදා හදා ගන්න (Sharing and Tagging) වගේ ගොඩක් දේවල්. ඒවා එකින් එක බලන්න ඔය නිල්පාටින් තියෙන ලින්ක් උඩ ක්ලික් කරන්නකො.