බ්ලොග් එකේ පළමුවෙනි පෝස්ට් එක. ෆේස්බුක් කියන්නෙ මොකක්ද කියල මම ඔයාලට අඳුන්වලා දෙන්න ඕන නෑනෙ. පරණ යාලුකම් හදාගන්නත් අලුත් යාලුකම් ඇති කරගන්නත් අලුත් දෙයක් ඉගෙන ගන්නත් පවුලක් පන්සලක් වෙන්න පාට්නර් කෙනෙක් හොයාගන්නත් දේශපාලනේ අලුත්ම නිව්ස් දැනගන්නත් පාවිච්චි කරන ප්‍රධානම මාධ්‍යය තමයි ෆේස්බුක්, නැත්නම් මූණුපොත.
කොම්පියුටරයක්, ලැප් එකක්, ටැබ් එකක්. ෆෝන් එකක්, ඉන්ටනෙට් යන්න පුලුවන් ඕනම අටමගලයක් අරන් www.facebook.com කියන වෙබ් URL එක ගහලා ෆේස්බුක් වලට යන්න පුලුවන්. දැනටමත් සාමාජික නම් ඔයාගේ username, password ගහලත් එහෙම නැත්නම් අලුතින් සාමාජික වෙන ෆෝම් එක පුරවලත් ඔයාට මේකට ලොග් වෙන්න පුලුවන්.

ඔය පොල්ගෙඩි අකුරෙන් තියෙන්නෙ Create an Account කියල. එතනින් හදමු අලුත් එකවුන්ට් එකක්. First Name, Surname ඔයාගෙ නමේ කෑලි 2ක් ඔතනට දාන්න. ඒ දෙක තමයි ඔයාගෙ ෆේස්බුක් එකවුන්ට් එකේ / ප්‍රොෆයිල් එකේ නම කියලා පෙන්වන්නෙ. එක පාරක් වෙනස් කලාම දවස් 60කින් තමයි ආපහු වෙනස් කරන්න පුලුවන් ඕක.
Email or Phone Number ඊමේල් ඇඩ්‍රස් එක හරි ෆෝන් නම්බර් එක හරි ඔතනට දාන්න. ඔතනට ෆෝන් නම්බර් එක දැම්මොත්, ඒ සිම් එක අනිවාර්යයෙන් ළඟ තියෙන්න ඕන. ඊමේල් ඇඩ්‍රස් එක දැම්මොත්, ඒකට ඕනම මොහොතක ලොග් වෙන්න හැකියාව තියෙන්න ඕන.
ඊට පස්සෙ පාස්වර්ඩ් එක. පාස්වර්ඩ් එකක් දානකොට මතක තියාගන්න ඕන කරුණු කීපයක් තියෙනවා.
1. ඊමේල් එකෙයි ෆේස්බුක් එකෙයි එකම පාස්වර්ඩ් එක දාන්නෙපා.
2. පාස්වර්ඩ් එකට උපන්දින, ගම, රට වගේ හැමෝටම හිතාගන්න පුලුවන් ඒවා දාන්නෙපා.
3. කාටවත් හිතන්න බැරි වෙනස් එකක් දාමු.
උදා :-

මම ආසම ළමා ගීතය "රන් රඹුටන් ගස් දෙකයි වලි කුකුලෝ පස් දෙනයි - Ran Rambutan Gas 2yi Wali Kukuloa 5 Dhenayi
ඒකේ මුල අකුරු ටික ගනිමු - RRG2WK5D
දෙවෙනි කෑල්ල සිම්පල් අකුරින් දාමු. එතකොට RRG2wk5d
කොහොමද පාස්වර්ඩ් එක. අමතක වෙන්නෙත් නෑනෙ.
මේ ගසේ බොහෝ.. සිංදුව දන්නවනෙ. MGBpdtPHBNbwa
දිගු දෑස දුටුවාම - හැඟෙනවා පේර සේම dddHPSuhmgOHA
පාස්වර්ඩ් හදන්න සරල, ඒත් නිවැරදි පුංචි ක්‍රමයක් ඕක.
මතක ඇතුව පාස්වර්ඩ් එක Capslock බලලා හරියට ටයිප් කරන්න. Double Check කරන්න. මොකද අනෙකුත් බොහෝමයක් වෙබ්සයිට් වල වගේ ෆේස්බුක් වල Retype Password කියලා ඔප්ෂන් එකක් නෑ. ගැහුවොත් ගැහුවමයි.

ඉතුරු ටික නම් දන්නවනෙ. උපන්දිනේ ගහන්න. ගැහැණු- පිරිමි බවත් තෝරන්න. අද කාලේ පිරිමිත් ඔතනින් Female කියන එක තෝරන බව කෙල්ලො හිතේ තියාගන්න ඕන ඈ... අලුත් සමනළ පරපුරේ කෙනෙක් උනත් කමක් නෑ. උප්පැන්න සහතිකේ තියෙන එක ඔතනින් තෝරලා Create an Account බට්න් එක ඔබන්න. ඔන්න ඔයාගෙ ෆේස්බුක් එකවුන්ට් එක 50%ක් හරි.
අන්තිමට තව පොඩි දෙයක් කරන්න තියෙනවා,
ඕක හදද්දි ගැහුවෙ ෆෝන් නම්බර් එක නම් ෆෝන් එකට එන කෝඩ් එකට ටයිප් කරන්න කියයි. ඊමේල් එකක් දැම්මා නම් ඒකට එන ලින්ක් එක ක්ලික් කරන්න කියාවි. ඒකත් කරන්න, දැන් වැඩේ ගොඩක්. ඔයත් බුකියේ...!
(ෆේස්බුක් ගැන කරන බ්ලොග් එකක් නිසා කොමෙන්ට් දාන්න හදලා තියෙන්නෙත් Google හෝ සාමාන්‍ය බ්ලොග් එකක කොමෙන්ට් දාන විදියට නෙමෙයි හොඳේ. ෆේස්බුක් එකට දැන් ලොග් වෙලා ඉන්න ෆේස්බුක් සාමාජිකයෙක් වෙන්න ඕන. කොමෙන්ට් එක පෝස්ට් වෙන්නෙ ෆේස්බුක් හරහා.)