February 20, 2017

මා ඉතිං යන්න යනවා... මට යන්න අවසරයි...

සුබ දවසක් හැමෝටම. බුකියෙ ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමා කොහොමද ෆේස් බුක්  deactivate  කරන්නේ කියලා. ඉතින් එතකොට මම අහන්නෙ ඔයාට මොකද වෙන්න ඕන තාවකාලිකව අයින් වෙන්නද ඕන නැත්නම් ඩිලීට් කරලාම දාන්න ඕනද කියලයි.ඉතින් එතකොට එයාල කියන්නේ ඩිලීට් ම කරලා දාන්න පුලුවන්නම් හොදයි කරන්න පුලුවන්ද එහෙම කියලා. 
ෆේස්බුක් බාවිතා කරන අය ගොඩක් දෙනෙක් ස්ථීරවම  delete  කරන්න නොදැන හිටියත්  Mark  අයියා ඒ පහසුකමත් දීලා තියනවා.හැබැයි කාටවත් ලේසියෙන් හොයාගන්න බැරිවෙන්න හංගලා තමා තියෙන්නෙ. මම කියන්නේ බොරුවක් කියලා හිතනවානම් ඔයා ඔයාගේ  profile  එක අස්සක් මුල්ලක් නෑර බලන්න  Deactivate  එකට අමතරව කිසිම තැනක  Permanent Delete  කරන්න ක්‍රමයක් දීලා තියනවාද කියල. හොදයි අපි එහෙනම් වැඩේට බහිමු.

මොකද්ද එතකොට   Deactivate  එක සහ  Delete   කිරීම අතර වෙනස?

තියන ප්‍රධානතම වෙනස තමා   අපි  Facebook  එකේ පේන්න තියන  deactivate  ක්‍රියාවලිය කරොත් අපිට ඕනි දවසක ආයමත් අපේ  account  එකට කිසිම ප්‍රශ්නයක් නැතුව log  වෙන්න පුලුවන්. ඒ කියන්නේ  account  එක අපිට නැතිවෙන්නේ නැහැ. 
පොඩ්ඩක් නිදියගන්නවා වගේ වැඩක්. අත පය හෙලෙව්වෙ නැති උනාට ආපහු නැගිටින්න පුලුවන්. කොහොමත් නැගිටිනවනෙ. සමහරු නම් අත පයත් හොලවනවා. deactivate කරද්දි Opt Out කියන එකට ටික් එක දැම්මෙ නැත්නම් ඔයාට ආපහු එකවුන්ට් එක හදපු වෙලාවට අනිත් අයගෙන් Notification පවා එනවා.




හැබැයි අපි  Delete   කලොත් අපිට දවස් 14 ක් ගියාට පස්සෙ කිසිම දිනක ඒ  account  එක ගන්න බෑ. ඒ කියන්නේ   account  එක නැතිම වෙලා යනවා. කෙලින්ම බෙල්ල මිරිකලා දානවා හා සමානයි.

ඇයි දවස් 14 ක් ගියාට පස්සෙ නැතිවෙන්නෙ?

ආ ඒකත් මාර්ක් අයියගේ එක උපක්‍රමයක් තමා.දවස් 14ක් යනකම් වෙන්නෙ  account  එක  deactivate  වීමක්.15 වෙනි දවසේ තමා  automatically delete  වෙන්නෙ   account  එක.
හිතන්නකො මෙහෙම. ඔයා  account  එක   delete  කරන්න යන්නේ කාත් එක්ක හරි රණ්ඩු වෙලා ඒ තරහා නිසා කියලා.ඔන්න  delete  කරපු ගමන් නැති වෙලා ගියොත්   මාර්ක් අයියට එක  customer  කෙනෙක් නැති උනා වෙනවා. හැබැයි දවස් 14ක් යන්න කලින් ඔයාගේ ඒ තරහා හොදටම නිවිලා. ඒ වගේම තමා ගොඩක් දෙනෙක්ට  මූණත් එක්ක තරහ වෙලා නහය කපාගන්නවා වගේ deactivate කලාට ආය log වෙන්න හිතෙනවා. (සමුගත්තෙ මං සිතකින් නොවේ). ඉතින් ඒක නිසා තමා එහෙම කරලා තියෙන්නෙ. එතකොට මාර්ක් අයියට  customer  කෙනෙක් නැතිවෙන එක බොහෝ දුරට වැලකෙනවා. නමුත් දවස් 14 ක් යනකමුත්  log  උනේ නැහැ කියන්නේ ඇත්තටම එයාට  delete  කරන්න ඕනි වෙලා.ඉතින් අකමැත්තෙන් හෝ මාර්ක් අයියා ඔයාට යන්න අවසර දෙනවා.
හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.මුලින්ම කියන්නම් තාවකාලිකව  Deactivate  කරන විදිය.

Settings → Security → Deactivate Your Account  කියන එකේ යටම තියන  Deactivate your account කියන එක  click  කරලා ඔයාගෙ  password  එක ගහන්න.
ඊට පස්සෙ Reason for leaving කියන එකෙන් ඔයා කැමති එකක් තෝරන්න. Please explain further කියන එකටත් ඔයාට හිතෙන ඕනම දෙයක් ගහන්න.
අන්තිමට Email opt out කියන එකට  tick mark  එකක් දානවනම් දාන්න. දැම්මෙ නැත්නම් වෙන්නෙ ඔයා  deactivate  කලත්  ඔයාගෙ  account  එකට සම්බන්ධ සමහර  emails email account  එකට එනවා.දැන්මොත් එහෙම  email  වත් එවන්නෙ නැහැ. ඔය ඔක්කොම හරිනම් අන්තිමට  deactivate  කියන එක ඔබන්න.ඊට පස්සෙ එන එකෙන් ආය  Deactivate Now  කියන එක ඔබන්න.



ඇයි  deactivate  කරන්න වෙන්නෙ?

හිතන්න ඔයා කරපු මොකක් හරි වැඩක් නිසා ඔයාව එක දිගට  report  කරනවා කට්ටිය.අන්න ඒ වගේ වෙලාවක ඔයා ටක්ගාල  deactivate   කරලා දන්න.දවසක් දෙකක් එහෙම්ම දාල තියන්න.ඔයාව  report  කරන්න කාටවත් බැහැ එතකොට. එහෙම නැත්නම් ඔයාගේ පෞද්ගලික කාරණාවක් වෙන්නත් පුලුවන්නෙ.ආය  ඔයාගෙ  account  එකෙන්ම එන්නත් ඕනි හැබැයි මාසයක් දෙකක් විතර  fb එන්නෙ නැතුව ඉන්නත් ඕන.හිතන්න  deactivate  කලේ නෑ කියලා. ඔයා   ආය එද්දි අනිත් අයගේ  tag, messages   වගේ දේවල් පිරිලා තියේවි ඔයාටත් එපා වෙන්නම.ඉතින් හුදකලා විරාමයේදි ටිකක් තනිවෙන්න හිතුනොත් එහෙම හොදම දේ  deactivate  කරන එක.

දැන් බලමු ස්ථීර වශයෙන්ම අයින් වෙන්නේ කොහොමද කියලා.

මේකනම් deactivate කරනවට වඩා ගොඩක් ලේසියි. කොහොමත් මැරෙන්න ලේසිලු ජීවත් වෙන්නලු අමාරු. කරන්න තියෙන්නෙ facebook.com/help/delete_account කියන ලින්ක් එකට ගිහින් ක්ලික් කරන එක.
එතකොට එන මේ බොක්ස් එකේ Delete My Account කියන බට්න් එක ඔබන්න.



ඊට පස්සෙ මාක් අයියා බලනවා මේ ඩිලීට් කරන්න හදන්නෙ ඔයාමද නැත්නම් රොබෝවෙක්ද කියලා. තමන්ගෙම එකවුන්ට් එක තමන්ම ඩිලීට් කරන එක අමුතුයිනෙ. ඔයාට පින්තූර ටිකක් ‍තෝරන්න දෙනවා. රෝස මල් තියෙන ෆොටෝ ක්ලික් කරන්න, සිංහයෝ ඉන්න ෆොටෝ ක්ලික් කරන්න, ඔරලෝසුවක් තියෙන ෆොටෝ ක්ලික් කරන්න... ඊට පස්සෙ ඔයාගෙ ෆේස්බුක් පාස්වර්ඩ් එකත් ගහන්න ඕන. ගහලා... යටින්ම තියෙන Delete My Account කියන බට්න් එක ඔබන්න.



ඊට පස්සෙ , ඔයාට මේ පාතින් තියෙනවා වගේ මැසේජ් එකක් එයි ඔයාගෙ එකවුන්ට් එක ඩිලීට් වෙන්න දැම්මා කියල. දවස් 14ක් ඇතුලත ආපහු ලොග් වෙලා ඩිලීට් වෙන්න දාපු එක කැන්සල් කලේ නැත්නම් එකවුන්ට් එකට බඩුම තමා...!
මතක තියාගන්න. මේ දවස් 14 ඇතුලත් ඔයාගෙ එකවුන්ට් එක කාටවත් පෙන්නන්නෙ නෑ.
ඔන්න ඕක තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙකට සම්පූර්ණ උත්තරේ. කොමෙන්ට් එකකුත් පහලින් දාලම යන්න හොඳේ.
(විශේෂ ස්තුතිය : Dilan Tharaka )


previous post next post home

fbsinhalen ©2016 fbsinhalen.blogspot.com - All Rights Reserved
Original Template by Blogger and was moderated & re-designed by Nimsara Madubashini