February 16, 2017

ෆේස්බුක් කවර් ෆොටෝ එකක් හදන හැටි.

ෆේස්බුක් කවර් ෆොටෝ කියන්නෙ මොකක්ද කියලා මම අමුතුවෙන් කියා දෙන්න ඕන නෑනෙ. අද මේ පෝස්ට් එකෙන් කියන්නෙ කොහොමද ලස්සන කවර් ෆොටෝ එකක් හදාගන්නෙ කියන එක. ඔයාලත් දැකලා ඇති සමහරුන්ගෙ කවර් ෆොටෝ වල කොටස් කැපිලා ගිහින්, ඇදිලා ගිහින්, අකුරු බොඳ වෙලා.... එහෙම වෙලා තියෙනවා. සමහරුන්ගෙ ඉතාම ලස්සන කවර් ෆොටෝ තියෙනවා. අන්න එහෙම එකක් අපේ ප්‍රොෆයිල් එකටත් දාගන්නෙ කොහොමද කියලයි මේ කියන්නෙ.
ක්‍රම 2ක් තියෙනවා.

1. වෙබ් සයිට් එකකින් ඩවුන්ලෝඩ් කරලා දාගන්න එක. ලස්සන ලස්සන කවර් ෆොටෝස් දෙන වෙබ් සයිට් ඕන තරම් තියෙනවා ඉන්ටනෙට් එකේ.
උදා: HD Fb cover, Trendy covers, Unique FB covers, HD nice
ඔවගෙන් ඔයාගෙ හිතට හරියන එකක් අරගෙන දාගන්න එක ලේසියි.

2. දෙවෙනි වැඩේ තමයි ටිකක් අමාරු. ඒ කියන්නෙ අපේ ෆොටෝ එකකින් හෝ අපි කරපු නිර්මාණයක් ෆේස්බුක් කවර් එකක් විදියට දාන එක. එහෙම කරන්න ගියාම තමයි සමහරුන්ගෙ උඩ නෑ...යට නෑ...ඇදිලා ගිහින්...බොඳ වෙලා... ඔහොම වෙන්නෙ.
එහෙම නොවෙන්න ලස්සන කවර් ෆොටෝ එකක් හදාගන්නෙ කොහොමද කියලා අපි බලමු දැන්.

මුලින්ම අපි කරන්න ඕන ග්‍රැ‍ෆික් ඩිසයින් හෝ ෆොටෝ එඩිටින්ග් ප්‍රෝග්‍රෑම් එකකින් කවර් ෆොටෝ එකේ සයිස් එකට ඩොකියුමන්ට් එකක් හදාගන්න ඕන.


මේක තමයි සයිස් එක. ප්‍රධාන වශයෙන්ම පරිගණකයකින් හෝ ලැප්ටොප් එකකින් බලන්න වගේ හදනවා නම් (ඒක තමයි ප්‍රොෆෙෂනල් විදිහ) document එක හදන්න ඕන පික්සල්ස් 851 x 315 කියන සයිස් එකට. (රූපයේ නිල්පාට ලොකු කො‍ටුව)
අපි ඒ සයිස් එකට ෆොටෝ එක හැදුවට අපිට පේන්නෙ ඔය කොළපාට කො‍ටුව ඇතුලෙ තියෙන ප්‍රමාණය විතරයි. ඒක පික්සල් 820ක් දිග 312ක් පළල ප්‍රමාණයක්. හතර පැත්තෙන් යම් ප්‍රමාණයක් border එක විදියට අහක යනවා. (නිල් පාටින් පේන ටික)
ඒ නිසා ඔයා ලෝගෝ එකක්, අකුරු ටිකක් දානවා නම් කොළපාට කො‍ටුවේ ප්‍රමාණය ඇතුලත විතරක් දාන්න ඕන.
අපි ඔහොම හැදුවම ඕක ෆෝන් වල බලද්දි දැපැත්තෙන් ටිකක් කැපිලා යනවා. ඒ නිසා හොඳම දේ තමයි දාන අකුරු සේරම පුලුවන් නම් නිර්මාණයේ මැද හරියෙන් දාන එක. 
කවර් ෆොටෝ එකක් හදලා ඔයා කෙලින්ම ටාගට් කරන්නෙ ෆෝන් වලින් බලන අය විතරයි නම්, පික්සල් 640 x 360 ප්‍රමාණයට හදන එක තමයි හොඳම දේ.

දැන් අපි බලමු ඕක Save කරන හැටි. ෆේස්බුක් එකේ කවර් ෆොටෝ එක Load වෙන්න ඒකත් බලපානවා.

අපි හදන නිර්මාණයේ resolution  එක 72ppi විදියට ගන්න. Color Mode එක sRGB කියන එක ‍තෝරන්න. 



අකුරු, ලෝගෝ නැත්නම් ඕක JPEG / JPG විදියට සේව් කරන්න. jpeg format options වලින් progressive කියන එක ‍තෝරන්න. Quality කියන එක වෙනස් කරලා ෆයිල් සයිස් එක 100-115 kb අතර වගේ ගාණකට එන්න ෆොටෝ එක save කරන්න.

අකුරු, ලෝගෝ එහෙම තියෙනවා නම් jpeg නෙමෙයි ඕක save කරන්න ඕන png විදියට. PNG විදියට සේව් කරන්න ගියාම එන png options වල Interlace කියන එකේ Interlaced කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා OK කරන්න. ෆයිල් සයිස් එක 120kb ට අඩු වෙන එක තමයි හොඳම දේ.

ඔන්න ඔහොම තමයි ලස්සන ෆේස්බුක් කවර් ෆොටෝ එකක් හදාගන්නෙ. අලුතින් දෙයක් ඉගෙන ගත්තු අය කොමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

previous post next post home

fbsinhalen ©2016 fbsinhalen.blogspot.com - All Rights Reserved
Original Template by Blogger and was moderated & re-designed by Nimsara Madubashini