February 18, 2017

ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරනවද? එහෙනම් මේකත් බලන්න

ෆේස්බුක් යන අය හැමෝම ඉඳහිට හරි ෆේස්බුක් වීඩියෝත් 2ක් 3ක් හරි බලනවා ඇතිනෙ. ඒවා ඩවුන්ලෝඩ් කරන්න ට්‍රයි කරලා තියෙනවද? කොහොමද කලේ?
අද අපි කියන්න යන්නෙ, කිසිම ඩවුන්ලෝඩර් එකක් නැතුව, බොහොම ලේසියෙන්  ෆේස්බුක් එකේ තියෙන වීඩියෝ එකක් හරි (mp4 විදියට, ෆේස්බුක් වීඩියෝ mp4 තමයි) වීඩියෝ එක නැතුව ඒකේ ඕඩියෝ එක (mp3) විදියට හරි ඩවුන්ලෝඩ් කරගන්න හැටි. 
ෆේස්බුක් ඩවුන්ලෝඩ් කරන්න මොකටද ඩවුන්ලෝඩර්, නේද?

මුලින්ම කරන්න ඕන වීඩියෝ එක උඩ right click කරලා Show Video URL කියන එක සිලෙක්ට් කරන්න. එතකොට එන ලින්ක් එක සිලෙක්ට් කරලා වීඩියෝ ලින්ක් එක කොපි කරගන්න.
පලවෙනි කොටස ඔච්චරයි.




















දැන් ඊළඟ කොටස. ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න දෙන වෙබ් අඩවි ඉන්ටනෙට් එකේ තියෙනවා. ඒවට ගිහින් අපි අර කලින් කොපි කරගත්තු ලින්ක් එක paste කරලා download button එක එබුවම නිකන්ම ඩවුන්ලෝඩ් වෙනවා. කොච්චර ලේසිද.පහසුද. මේ පෙන්වන්න යන්නෙ ඒ විදියට පාවිච්චි කරන්න පුලුවන් ප්‍රධානම වෙබ් අඩවි 2ක්.

1. www.downloadvideosfrom.com


ඔය තියෙන්නෙ ඒක. ඔය ටෙක්ස්ට් බොක්ස් එකේ අර කොපි කරගත්තු ලින්ක් එක පේස්ට් කරලා ඔයා කැමති විදියට ඩවුන්ලෝඩ් කරගන්න ඔය බට්න් 3න් එකක් ඔබන්න. එතකොට ඔයාගෙ බ්‍රව්සර් එකේ සාමාන්‍යයෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් වෙන තැනට නිකන්ම ඩවුන්ලෝඩ් වෙනවා.
Download mp4 කියන්නෙ ඔරිජිනල් වීඩියෝ එක.
Download mp4 (HD) කියන්නෙ HD වීඩියෝ එකක් (720p) තමයි ඩවුන්ලෝඩ් වෙන්නෙ.

2. www.fbdown.net

 
මේකත් ඒ වගේම එකක්. හැබැයි පු‍තෝ මේකෙන් ඩවුන්ලෝඩ් කරද්දි ඔයාලගෙ බ්‍රව්සර් එකේ Ad-blocker එකක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ඒක disable කරලා ඉන්න ඕන. ඒ වගේම මේකේ audio විතරක් ඩවුන්ලෝඩ් කරන්න පහසුකමකුත් නෑ. කලින් එකේ නම් පුලුවන්නෙ.
මේකේ ලින්ක් එක paste කරලා download බට්න් එක එබුවාම මෙන්න මේ වගේ ඩවුන්ලෝඩ් පේජ් එකකට යනවා. කලින් වගේම නෝමල් වීඩියෝ එකද HD වීඩියෝ එකද කියලා එතනින් ‍තෝරන්න පුලුවන්.


පහලින් තියෙන්නෙ ads. උන්ට ඇඩ් ටික පෙන්නගන්න ඕන නිසා තමයි Ad-blocker disable කරන්න කියන්නෙ මුලින්. කලින් එකේ නම් එහෙම ප්‍රශ්නයක් නෑ.

දැන් බලන්න. කොච්චර ලේසිද? ඩවුන්ලෝඩර් හොය හොය ක්‍රැක් හොය හොය දඟලන්න ඕන නෑ. YouTube වීඩියෝ එහෙම නම් මීටත් වඩා ලේසියෙන් ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරන්න ක්‍රම තියෙනවා. අලුතෙන් යමක් ඔලුවට දාගත්තු අය කොමෙන්ට් එකක් දාන්නකෝ.

previous post next post home

fbsinhalen ©2016 fbsinhalen.blogspot.com - All Rights Reserved
Original Template by Blogger and was moderated & re-designed by Nimsara Madubashini