February 16, 2017

අපි කොච්චර මැසේජ් යැවුවත් කෙල්ලො රිප්ලයි කරන්නෙ නෑ

පිරිමි ළමයි ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි ගෑණු ළමයි ඔන්ලයින් හිටියට අපිත් එක්ක චැට් කරන්නෙ නෑනෙ කියන එක. "අපි කොච්චර හායි කිවුවත් උන් චැට් කරන්නෙ නෑ" ඔහොමනෙ කියන්නෙ. එහෙම වෙන්නෙ ඇයි කියන එක ගැනයි අද පෝස්ට් එක.

ඒකට එක හේතුවක් තමයි තමන් "පොෂ්" කියල හිතාගෙන ඉන්න "පුස්" කෙල්ලො පොළවට අඩි 7-8ක් උඩින් ඇවිදින එක. බිම ඉන්න අයව උන්ට එතකොට පේන්නෙ නෑ. ලොකු "බෙන්ස්" එකක එන සෝබනකාරයන්ව විතරයි මේ "පුස්" කෙල්ලන්ට පේන්නෙ. සමහරු හිතන්නෙ තමන්ට "හායි" කියල මැසේජ් එකක් එවන එක මහ‍රැජිනට අත්මේස් නැතුව අතට අත දෙන එක තරම්ම ගෞරවයක් කියල. 

මෙහෙම වෙන්න ලොකුම හේතුව තමයි කොල්ලන්ගෙම වැරදි. ( දැන් ඉතිං මට බනින්නෙපා. මේ කියන්නෙ හැමෝටම නෙමෙයි. සමහරු කරන වැරදි නිසා හැමෝටම වෙන දෙයක් තමයි. ගිණිපෙනෙල්ලෙන් බැට කාපු කෙනා කණාමැදිරියටත් බයයිලුනෙ. එක එක අසහනකාරයන්ගෙන් බැට කාපු ගෑණු ළමයි ෆේස්බුක් ඉන්න කොල්ලො සේරටම සලකන්නෙ ඒ විදියට. ඒකත් එක අතකින් සාධාරණයි. කාව විශ්වාස කරන්නද කියලා හිතාගන්න බෑ මේ සයිබර් ලෝකයේ. කාවවත් විශ්වාස නොකර ඉන්න එක තමයි හොඳම දේ.

කොල්ලනේ, මෙන්න මේ වැරදි ටික හදාගන්න පුලුවන් නම්, ෆේස්බුක් එක මීට වඩා ගොඩක් යහපත් හොඳ තැනක් කරන්න පුලුවන් බං. සිරාවටම.

1. කොල්ලන්ට මැසෙන්ජර් දුන්නා කියන්නෙ වඳුරට දැලිපිහිය අහු වුණාට හපන්. ගෑණු ළමයි හෝ මොනයම්ම කෙනෙක් කැමති නම් විතරක් කෝල් කරන්න. වදයක් වෙන්න යන්න එපා කාටවත්.



2. කියන හැම එකටම "ඇයි ඒ? ඇයි ඒ?" ගාන්න යන්නෙපා.
          කෑවද? නෑ. ඇයි ඒ?
          ජොබ් එකක් කරනවද? නෑ. ඇයි ඒ?
          මොනවද කෑවෙ? පාන්. ඇයි ඒ?
          දොයි මතද? නෑ. ඇයි ඒ?

3. පොඩි කාලෙ හුරතල් වෙන්න බැරි වෙච්චි තොත්ත බබාලා  වගේ හැසිරෙන්න එපා.
"බයි කෑවද? දොයියමුද? හලි වැඩේ. ‍තෝයි. මාලයි. තූති මනික..."
මේවට කැමති වෙන්න නම් ඉතිං අර මානසික රෝහලේ ගෑණු වාට්‍ටුවක ඉන්න කෙනෙක් වෙන්න ඕන.

4. තමන්ගෙ ලිංගික අවයව ගෑණු ළමයින්ට inbox එවන්න එපා. ඒවට කැමති ගණිකාවොත් ඇති. එහෙම අයට යැව්වට අපි මොකුත් කියන්නෙ නෑ. අහිංසක කෙල්ලන්ට කොල්ලන්ට ජරාව එවන්න එපා. ඒවා එයාලගෙන් ඉල්ලන්නත් එපා.
ඕවයෙන් පේන්නෙ ඉතිං දෙමව්පියන්ගෙ හැටි තමයි. තාත්තා ගෙදර නැති වෙලාවට වෙන මිනිස්සු ගෙදරට ගෙන්න ගන්න අම්මෙක්ගෙ පුතාලා දූලා ඔහොම වෙන එකේ පුදුමයක් නෑ.

5. චැට් කරන්න කලින් චැට් කරන කෙනාගෙ ප්‍රොෆයිල් එකේ විස්තර ටිකක් බලන්න පුරුදු වෙන්න. ගොඩක් වෙලාවට ගම, වයස, පාසල වගේ දේවල් දාලා තියෙන්නෙ හැමෝම වගේ. ඒවා කිසි දෙයක් නොබලා ගෑණු ළමයෙක්ගෙ නම ඉස්සරහින් කොළ පාට බෝලයක් තියෙනවා දැකපු ගමන් "හායි. ඔයා කොහෙද? වයස කීයද? මොකද කරන්නෙ?.... " ඔහොම දේවල් අදත් අහලා හෙටත් අහලා අනිද්දටත් අහනකොට ඒ ළමයින්ට එපා වෙන එකේ පුදුමයක් නෑ. ඕක මහ කැත පුරුද්දක්. අත අරින්න පුලුවන් නම් හොඳයි. 

6. චැට් කරද්දි උණත් අනවශ්‍ය දේවල් අහන්න යන්න එපා. දවල්ට කාපු වෙලාවයි කාපු බත් එකේ තිබුණ ගල්කැට ගාණයි කාලා වතුර උගුරු කීයක් බිවුවද කියලයි නානකොට ගාපු සබන් වර්ගෙයි....පිළිකුල්... චාටර්...

7. චැට් කරන පළවෙනි පැය බාගෙදිම කෙල්ලන්ගෙ ෆොටෝ ඉල්ලන්නෙපා. කෙල්ලනේ. දෙන්නත් එපා. එඩිට් කරන එක, එඩිට් කරලා ඉන්ටනෙට් දාන එක වගේම් බ්ලැක්මේල් කරන එකත් අද කාලෙ සුළු දෙයක්. කාව විශ්වාස කරන්නද කියල හිතාගන්න බැරි නිසාම කාටවත් එක පාරට ෆොටෝස්, ෆෝන් නම්බර්ස් දෙන්න එපා.
කොල්ලනේ, කෙල්ලෙක් හායි කියපු ගමන් ඒකිගේ වයිබර්, වට්ස් ඇප්, ෆෝන් නම්බර්ස්, ෆොටස් ඉල්ලන්නෙපා. මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් එපා වෙනවා.
කෙල්ලනේ, ෂෝයි  අයියා කෙනෙක් චැට් කරලා "නංගී, ඔයාගෙ ෆොටෝ එකක් එවන්න. මම අනිත් අය වගේ නෙමෙයි. මම කාටවත් පෙන්වන්නෙ නෑ. බලපු ගමන් ඩිලීට් කරනවා/ කපලා දානවා" කියපු ගමන් එළදෙන්නු වගේ ෆොටෝ යවන්නත් එපා. කුස්සියේදියි බාත් රූම් එකේදියි බස් හෝල්ට් එකේදියි හැමතැනම හැම වෙලේම සෙල්‍ෆි ගගහා ෆේස්බුක් දාන්නත් එපා. එතකොට අනිත් අයට හිතෙන්නෙ පිටකො‍ටුවෙ සමනළියක් කියලා.

ඔය මදැයි. මේ ගැන තව කතා කරමු ඉස්සරහට. මේ පෝස්ට් එක ගැන හිතෙන දේවල් (යෝජනා, චෝදනා) මෙතන කොමෙන්ට් කරන්න. (ෆේස්බුක් ගැන කරන බ්ලොග් එකක් නිසා කොමෙන්ට් දාන්න හදලා තියෙන්නෙත් Google හෝ සාමාන්‍ය බ්ලොග් එකක කොමෙන්ට් දාන විදියට නෙමෙයි හොඳේ. ෆේස්බුක් එකට දැන් ලොග් වෙලා ඉන්න ෆේස්බුක් සාමාජිකයෙක් වෙන්න ඕන. කොමෙන්ට් එක පෝස්ට් වෙන්නෙ ෆේස්බුක් හරහා.)
previous post next post home

fbsinhalen ©2016 fbsinhalen.blogspot.com - All Rights Reserved
Original Template by Blogger and was moderated & re-designed by Nimsara Madubashini