ඇප්ස්

ඕගොල්ලො හැමෝම වගේ දන්නව නේද ෆේස්බුක් ඇප්ස්? ගොඩක් අය ෆේස්බුක් එකේ ගේම් ගහනවා. එහෙම නැත්නම් අඩු තරමෙ "තමන්ගෙ හොඳම යාලුවා කවුද? බැන්දම ළමයි කීයද? මැරෙන්නෙ කවදද" වගේ ෆන් ඇප් එකක් හරි පාවිච්චි කරල ඇතිනෙ ෆේස්බුක් එකෙන්.
 
ෆේස්බුක් ඇප් එකක් හරි පාවිච්චි කරපු නැති, ෆේස්බුක් යන කෙනෙක් අද නැති තරම්...

හොඳයි. මුලින්ම බලමු සාමාන්‍යයෙන් ඇප් එකක් අපේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ රන් වෙද්දි ඒක වැඩ කරන්නෙ කොහොමද කියලා.
1. මුලින්ම ඇප් එක අපේ ෆේස්බුක් පුද්ගලික විස්තර වලට ඇතුල් වෙන්න අවසර ඉල්ලනවා. අපිට තියෙන්නෙ ඒක OK කරන්න.
2. ඒ ලබාගන්න විස්තර පදනම් කරගෙන ඇප් එක විසින් යම් නිර්මාණශීලී දෙයක් සාදනවා. එහෙම නැත්නම්, ගේම් එකක් වගේ නම්, ඒ ගේම් එකම සෙල්ලම් කරන අපේ ෆේස්බුක් යාලුවො ගැන විස්තර හොයාගන්නත් ඇප් එක විසින් අර අපි අවසර දුන්න පුද්ගලික විස්තර භාවිතා කරනවා.
3. අවසන් ප්‍රතිඵලය අපේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ ෂෙයා කරනවා.
මෙන්න මේ පියවර 3 තමයි "සාමාන්‍ය" ෆේස්බුක් ඇප් එකක් අපේ ප්‍රොෆයිල් එකේ වැඩ කරන පියවර.

අපි ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් වගේ එකකට ලොග් වෙන්න ෆේස්බුක් පාවිච්චි කරනවා නම්, මේ අන්තිම පියවර පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට වෙන්නෙ, ඒ වෙබ් අඩවියයි ෆේස්බුක් ප්‍රොෆයිල් එකයි අතර සම්බන්ධයක් ඇති වෙලා, අපි ඒකෙ පෝස්ට් කරන ඒවා ඉබේටම ෆේස්බුක් එකෙත් පෝස්ට් වෙනවා.

දැන් බලමු පියවර ටික රූප වලින්.

1. ඇප් එක විසින් අපේ අවසර ඉල්ලනවා. (උදා-: යාලුවො ලිස්ට් එක, ප්‍රොෆයිල් එකේ විස්තර සහ ෆොටෝස් වලට පිවිසෙන්න අවස්සර ඉල්ලනවා. ඔය රවුම් කරල තියෙන Edit This කියන එක ක්ලික් කලාම අපි ඇප් එකට අවසර දෙන්නෙ මොනවටද කියන එක තීරණය කරන්න පුලුවන්.


මේ තියෙන්නෙ අපි ඇප්  එකට භාවිතා කරන්න දෙන විස්තර ‍තෝරන හැටි. ටික් දාන්නයි අයින් කරන්නයි තමයි තියෙන්නෙ.


2. ඊට පස්සෙ ඇප් එක විසින් එයා ඒ ලබාගත්තු දත්ත තලල පෙලල කරකවල හරවල බැදල උයලා, දන්න ශිල්ප සේරම දාලා අන්තිමේදී අපිට ලස්සන නිර්මාණශීලී යමක් හදල දෙනවා, ඒක ෂෙයා කරන්න කියන පණිවිඩයත් එක්ක.


3. දැන් ඉතින් අපේ වාරෙ. ෂෙයා කරන්න තමයි තියෙන්නෙ.


ඔයාල ෆේස්බුක් එකේ ගේම්ස් එහෙම ගහනව නේද? එතකොටත් මේ ටික මේ විදියටම සිද්ධ වෙනවා. ගේම්ස් කියන්නෙත් ඇප් ජාතියක්නෙ. අර පළවෙනි කොටසෙදි එයා විසින් ලබාගන්න අපේ තොරතුරු පාවිච්චි කරන්නෙ ඒ ගේම් එකම සෙල්ලම් කරන අනිත් අය පිළිබඳව තොරතුරු එකතු කරන්නයි ගේම් එක "හවුලෙ" සෙල්ලම් කරද්දි ප්‍රයෝජනයට ගන්නයි තමයි.
















ගේම් ගහන්න හදද්දි ගේම් එක ලෝඩ් වෙන්න බෑ කියල මේ වගේ මැසේජ් එකක් එනව දැකල තියෙනවද?



ඒ එන්නෙ ඔයාගෙ වෙබ් බ්‍රව්සර් එකේ ෆ්ලෑෂ් ප්ලේයර් (Flash Player) කියන එක නැති උනාම හරි කල් ඉකුත් උනාම හරි. ෆේස්බුක් ගේම් ගහන්න විතරක් නෙමෙයි, යූටියුබ් වීඩියෝ බලන්නත් ඕක ඕන. මෙහෙම මැසේජ් එකක් ආවොත්,
    → ඒක ඉන්ස්ටෝල් කරන්න කියල උඩින් මැසේජ් එකක් එනවා නම් එහෙම කරන්න
    → ෆ්ලෑෂ් ප්ලේයර් ප්ලගින් එක ඩවුන්ලෝඩ් කරලා බ්‍රව්සර් එකට ඉන්ස්ටෝල් කරන්න
    → එක්කො බ්‍රව්සර් එක අප්ඩේට් කරන්න

මේ තුනෙන් ඔයාලට කැමති විදියක් කරන්න. එතකොට ඒ දෝසෙ හරි යාවි.

ඊළඟට, ඔයාල දන්නවද, ඔයාල ඔය විදියට පාවිච්චි කරන හැම ඇප් එකක්ම, හැම ගේම් එකක්ම, ෆේස්බුක් පාවිච්චි කරල ලොග් වෙන හැම වෙබ් අඩවියක්ම, ෆේස්බුක් එකේම සේව් වෙලා තියෙනවා. ඒ වගේම, ඔයාලා නොදැනුවත්වම මැල්වෙයා හෝ වයිරස් එකක් විසින් එවපු ඇප් තියෙනවා නම් ඔයාගෙ ප්‍රොෆයිල් එකේ, ඒවත් එතන සේව් වෙලා තියෙනවා.
ෆේස්බුක් Settings වල App කියන එකට ගිය ගමන් ඒ ටික පෙන්වනවා.
එතනින් ඔයාලට පුලුවන් ලොග් වෙච්චි ඇප් බලාගන්න, අනවශ්‍ය/සැක සහිත ඒවා අයින් කරන්න වගේම, සේරම අයින් කරල දාලා මින් මනතට කිසිම ඇප් එකක් නොඑන්න වැඩ සලස්වන්නත්.


ඔය කො‍ටු කරල තියෙන එකේ Enabled කියන එක Disable කලාම තියෙන සේරම ඇප් ටිකත් අයින් වෙනවා, ආපහු කිසිම ඇප් එකකට එන්නත් බෑ ඔයාගෙ ප්‍රොෆයිල් එකට.

ඇප් ගැන තව තියෙනවා. ඇප් ආරක්ෂාව ගැන එහෙම. අපි ඒවා පස්සෙ වෙන පෝස්ට් එකකින් කතා කරමු.
තව දෙයක්.
මෙච්චර වෙලා අපි කතා කරපු ඇප් හදන හැටි ගැන දැනගන්න කැමතිද? ඒක ටිකක් ලොකු මාතෘකාවක්. කැමති අය විතරක්, මෙතනින් ගිහින් බලන්න.
home

fbsinhalen ©2016 fbsinhalen.blogspot.com - All Rights Reserved
Original Template by Blogger and was moderated & re-designed by Nimsara Madubashini