ඇප්ස් ගැන ලොකු කතා

මුලින්ම කියන්න ඕන මේක ගොඩක් තාක්ෂණික පැත්තට බරයි. ඒවගේම සංකීර්ණයි. ඒ නිසා සමහර අයට තේරෙන එකක් නෑ. කොහොම උනත් ෆේස්බුක් යන්න මේව ඕන නම් නෑ පොඩ්ඩක්වත්. ඒ නිසා මේවා නොතේරුණාට හිත කලබල කරගන්න ඕන නෑ.

මෙච්චරවෙලා කිවුවෙ ෆේස්බුක් ඇප්ස් ගැන පොඩි කතානෙ. දැන් මේ කියන්න යන්නෙ ලොකු කතා. මේ කතා වලට අදාල වෙන්න නම් සාමාන්‍ය ෆේස්බුක් එකවුන්ට් එකක් තිබිලා හරියන්නෙ නෑ. Facebook Developer එකවුන්ට් එකකින් ගිහින් කරන්න පුලුවන් දේවල් ගැන පොඩි හැඳින්වීමක් තමයි මේ පි‍ටුවෙ තියෙන්නෙ. ෆේස්බුක් ඇප්, ගේම්ස් නිර්මාණය, ප්ලගින්ස් (Plugins) නිර්මාණය, එක එක widgets නිර්මාණය වගේම වෙනත් සමාජ ජාල සහ ඔබේ වෙබ්/බ්ලොග් අඩවිය සමග ෆේස්බුක් සම්බන්ධ කිරීමට අවශ්‍ය ගොඩක් දේවල් ෆේස්බුක් ඩිවලොපර් එකවුන්ට් එකක් හරහා කර ගන්න පුලුවන්. සාමාන්‍ය පරිගණක භාවිතයට වඩා එහාට ගිය භාවිතයක්, ඒ කියන්නෙ වෙබ් ප්‍රෝග්‍රැමින් (Web Programming) වලට අදාල HTML, CSS, JavaScript, PHP, SQL වගේ පරිගණක භාෂාවන් පිළිබඳව ඔයාගෙ තියෙන නිපුනත්වය වගේම නිර්මාණශීලීබවත් මෙතනදි ගොඩක් වැදගත් වෙනවා.
ඔයාලගෙ තියෙන සාමාන්‍ය ෆේස්බුක් එකවුන්ට් එකෙන් මේවට ඇක්සස් වෙන්න බෑ. ඒකට විශේෂිත එකවුන්ට් එකක් ඕන කරනවා.  එහෙම එකක් හදාගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරන්න. (Web/blog site එකක් තියෙන අය හෝ HTML,CSS,js,PHP,Java ටිකක් හරි දන්න අය නම් හොඳයි)

* මේ බ්ලොග් එකේ 'lightbox' active කරල තියෙන නිසා පින්තූර ලොකුවට බලන්න ඒවා උඩ ක්ලික් කරන්න.


එකවුන්ට් එක හදාගත්තු ගමන්  ඔයාල යන්නෙ මේ වගේ පේජ් එකකට. මේ පේජ් එකේ තියෙනවා Products, Docs, Tools, News, Case Studies වගේ ටැබ් කිහිපයක්. Docs වල තමයි Facebook developes වල හැමදේම තියෙන්නෙ. Products වල තියෙන්නෙ අතනින් ‍තෝරාගත් විශේෂිත කීපයක්. හැමවෙලාවෙම උවමනා වෙන ඒවා. Tools කියන එක නම් දන්නවනෙ. අපිට app හදන්න ඕන වන ආම්පන්න තමයි එතන තියෙන්නෙ. නව ප්‍රවණතා, අළුත් ඇප් වගේ දේවල් ගැන විස්තර News ටැබ් එකේ තියෙනවා. ඔයාලගෙ ඇප් එක හදන්න කලින් පුහුණු වෙන්න කියාපු දෙයක් තමයි මේ Case Studies කියන්නෙ.
හැමදේම එක තැනකින් ගන්න පුලුවන් සුපර් මාකට් එක වගේ එක තමයි Docs කියන්නෙ. බලමු ඒක දිහා.


ඔය තියෙන්නෙ ෆේස්බුක් ඩිවලොපර් එකේ ප්‍රධානම කොටස. App analytics, links, security, Facebook pages control, messaging control, Facebook Profile development, Facebook Games, ෆේස්බුක් හැර වෙනත් ප්ලැට්ෆෝම් (iOS, Android, Microsoft) සඳහා ගේම්ස් නිර්මාණය, ඔයාගෙ වෙබ් /බ්ලොග් එකට සමාජ ජාල ප්ලගින් නිර්මාණය වගේ ගොඩක් දේවල් ඔතන තියෙනවා.
ඒවා නිර්මාණය කරන්න උපකාර කරගන්න පුලුවන් SDK සහ API ගොඩකුත් දීලා තියෙනවා. විවිධ platform වලට අනුව apps නිර්මාණය කරන්නත් පුලුවන්. මේකෙ හොඳකම කියන්නෙ, JavaScript සහ PHP දීලා තියෙන්නෙ SDK විදියට. Google, Yahoo වගේ ඒවයෙ තියෙන්නෙ API විදියටනෙ. ෆේස්බුක් වල දීල තියෙන්නෙ SDK විදියට.

මම හිතනවා මේක බලන ගොඩක් දෙනෙක් API, SDK සහ platform වගේ වචන වලට හු‍ටුයි පුරුදුයි කියල. නොදන්න අය ඉන්නවා නම් මේ ඔයාලට. API කියන්නෙ Application Programming Interface. ඔයාලගෙ app එක හෝ web eka  අවශ්‍ය පරිදි ප්‍රෝග්‍රෑම් කරගන්නැක තමයි ඕකෙන් කරන්නෙ. ප්‍රධාන වශයෙන්ම ෆේස්බුක් සමාගමට අමතරව ගූගල් සමාගමෙනුත් යාහූ සමාගමෙනුත් ඔයාලට අවශ්‍ය විදියට ඇප් එක/වෙබ් අඩවිය ප්‍රෝග්‍රෑම් කරගන්න අවශ්‍ය API සපයනවා. ඕගොල්ලො ෆේස්බුක් එකේ ගහන ගේම්ස් හදන්නෙ ගොඩක් වෙලාවට Facebook API වලින්. ඔයාලගෙ වෙබ් අඩවියට ගූගල් මැප් එකක් දාලා ඒක ඔයාට ඕන විදියට size,zoom හදලා කැමති විදියට වර්ණ ගන්වලා, කොහෙට හරි යන පාරක් ඊතල වලින් පෙන්වලා පොඩි මාකර් එකක් දාලා එතන ක්ලික් කලාම පොඩි නෝට් එකක් පෙන්වන්න හදන්නෙ Google Maps API වලින්. සාමාන්‍ය Gmail එකක් හරි Google plus එකවුන්ට් එකක් හරි නෙමෙයි Google developer එකවුන්ට් එකක් හදාගෙන ඔහොම වැඩ දාන්න පුලුවන්.  ඒ අදාල සමාගමෙන් දෙන කේත (codes) පාවිච්චි කරල ඔයාගෙ දැනුමත් යොදාගෙන අලුත් යමක් නිර්මාණය කරන එක තමයි API වලින් කරන්නෙ.
SDK කියන්නෙ Software Development Kit. ඒකත් අර වගෙම එකක් තමයි. හැබැයි අරකට වඩා ලේසියි. මොකද ඔයාගෙ ඇප් එක නිර්මාණයට අවශ්‍ය ටූල් ටික (tools) එයාල දීල තියෙනවා. එයාලා API වලින් tools හදලා ඒ ටික ඔයාට දෙනවා app එක හදාගන්න.
මේ දෙකේ වෙනස සරල උදාහරණයක් මගින් කියනවා නම් මේ වගේ. ඔයාල ඩවුන්ලෝඩ් කරගන්න ඇප් කියන්නෙ හරියට කුලියට/මුදලට ගන්න ගෙයක් වගේ. එයාලා ගෙදර හදලා තියෙනවා ලස්සනට. ඔයාට තියෙන්නෙ සල්ලි දීලා අරගෙන පදිංචි වෙන්න. SDK කියන්නෙ එයාල ඔයාට දෙනවා බ්ලොක් ගල් ටිකයි ලී ටිකයි. ඔයාට තියෙන්නෙ ප්ලෑන් එකක් ඇඳලා එයාල දෙන බ්ලොක් ගල් ටිකයි ලී ටිකයි පාවිච්චි කරලා ගෙයක් හදාගන්න ඔයා කැමති විදියට. API කියන්නෙ එයාල ඔයාට දෙනවා වැලි සහ ගස් තියෙන හොඳ ඉඩමක්. එච්චරයි. ඉඩමෙන් වැලි ගොඩ දාලා සිමෙන්ති ගෙනත් බ්ලොක් ගල් හදාගෙන ගහක් 2ක් ඉරලා ලී හොයාගෙන ප්ලෑන් එකක් ඇඳලා ඔයා කැමති විදියට ගේ හදාගන්න. platform කියන්නෙ ඔයාට දෙන ඉඩමෙ ස්වභාවය. කන්දක්ද තැන්නක්ද වගුරු බිමක්ද මුහුද අයිනෙද... අන්න ඒ වගේ. Windows, Android, iOS / Mac වගේ ප්ලැට්ෆෝම් කීපයක් තියෙනවා.
ගොඩක් වෙලාවට මිනිස්සු ඇප් හදන්න පාවිච්චි කරන්නෙ SDK. Android ඇප් හදන්න නම් java SDK තියෙන්න ඕන. iOS ඇප් හදන්න නම් iOS SDK සහ ඇපල් සමගමෙන් හදපු Swift කියන පරිගනක භාෂාව දැනගෙන ඉන්න ඕනලු. (Apple, iOS, Mac ගැන නම් මාත් දන්නෙ නෑ ඇත්තම කිවුවොත්. Windows නම් ෂෝක්) Windows වලට හදනවා නම් .Net Framework හෙවත් ඩොට්නෙට් තියෙන්න ඕන. (Win XP SP2 - .NET Framwork 2 & 3, Win7 - .NET Framework 3.5, Win8 - .NET Framework 4.5, Win8.1 .NET Framework 4.5.1, Win10 - .NET Framework 4.6)

පොඩි දෙයක්.
වින්ඩෝස් 8 හෝ ඊට වැඩි ඒවා පාවිච්චි කරන අය ඉන්නවා නම් දැකලා ඇති ඔය පරණ සොෆ්ට්වෙයා එහෙම run කරන්න හදනකොට  .NET Framework අවුලක් එනවා. ඒකට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. Windows DVD එකේ තියෙන sxs කියන ෆෝල්ඩර් එක හොයලා C: එකට copy කරන්න. ඊට පස්සෙ මේ මම පහලින් දාල තියෙන කෝඩ් එක Command Prompt(Admin) වල run කරන්න. එච්චරයි.
මේ කෝඩ් එක කොපි කරගන්න අවසර දීල තියෙන්නෙ මම ඔයාලට. අවුලක් නෑ. සිලෙක්ට් කරල කොපි කරගන්න. සිලෙක්ට් කරල Ctrl+C  ඔබන්න.
Dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:C:\sxs /LimitAccess




ෆේස්බුක් ගේම්ස්

ඔයාලා ආසාවෙන් ෆේස්බුක් එකේ සෙල්ලම් කරන ගේම්ස් හැදෙන්නෙ මෙතනින් තමයි. Game canvas එක (ගේම් එක පෙන්වන display එක) නිර්මාණය කරන්න, ඔයාල ගේම් එකට ලොග් වෙන හැටි තීරණය කරන්න, ගේම් එකේ සෙල්ලම් කරපු ටික save කරන්න, Facebook games සහ Android / iOS වලින් ඒකම ඇප් එකක් විදියට ඩවුන්ලෝඩ් කරල සෙල්ලම් කලාම ඒ දෙක Synchronize කරන්න (එකිනෙක සම්බන්ධතාවය හදන්න), App security හදන්න වගේම App එක host කරන්නත් පාවිච්චි කරන්නෙ මෙතන තමයි. (ඉහල රූපය)
උඩ තියෙන රූපෙන් පේන්නෙ අලුතෙන් හදන ගේම් එකක කලින් ලොග් වෙච්චි විදිය (Previous Logging) ඇප් එක විසින් හොයන ක්‍රමය. ඒක Web browser එකේ Cache, Cookies පාවිච්චි කරල Client Side විදියටත් එහෙම නැත්නම් PHP requests පාවිච්චි කරල Server Side විදියටත් හොයාගන්න පුලුවන්. තව XMLHttpRequest පාවිච්චි කරල Server එකේ ඩේටා ගෙන්වගන්නත් මෙතනින් පහසුකම් දීල තියෙනවා.
App security ගැන කියනවා නම් ක්‍රම කීපෙකට හදන්න පුලුවන්. Loggin approvals, Password requirement, App Secret, Secure SSC, secure CSC, Lockdown Settings, Token Hijacking වගේ සංකීර්ණ ක්‍රම රාශියක්ම ඔබට මෙතනදි හඳුන්වා දීල තියෙනවා. කොහොම නමුත් ඔයා සාමාන්‍ය Facebook එකවුන්ට් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් Seetings → Apps → Disable Facebook Platform  විදියට සෙටින්ස් හැදුවම මේ කිසිම ඇප් එකකට ඔයාගෙ ප්‍රොෆයිල් එකට ඇක්සස් වෙන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ.


 Facebook App Platform එක


ඔයා එකවුන්ට් එකක් හදාගත්තට පස්සෙ ඔයාගෙ profile picture එක ගාව තියෙන My Apps  කියන බට්න් එක ක්ලික් කලාම මෙහෙම මෙනු එකක් ලැබෙයි. දැන් මගේ නම් මම මීට කලින් Cartoon Collections කියල ඇප් එකක් හදන්න පටන් අරන් තියෙන නිසා ඒක පෙන්වනවා. එහෙම නැත්නම් Add a New app ලියන එක විතරයි පෙන්වන්නෙ. ඔයා ඇප් එකක් හදන්න පටන් ගත්තට පස්සෙ ඒ ටිකේ ලිස්ට් එකකුත් පෙන්වනවා. (උදා: බලන්න මගේ එකවුන් එකේදී Cartoon Collections කියලා පෙන්වන හැටි.) ඔය තියෙන App ID කියන එක තමයි App එක හඳුනාගැනීමේ ක්‍රමය. හරියට ඔයාලගෙ ෆේස්බුක් User Name එක වගේ.
ඊට පස්සෙ ඔයාලට පුලුවන් App Platform එකට ගිහින් ඒකට අදාල විදියට පියවරෙන් පියවර ඇප් එක නිර්මාණය කරගෙන යන්න. 


දැන් මම පෙන්වන්නෙ ටිකක් සරල දෙයක්. අපි හිතමු ඔයාගෙ වෙබ් අඩවියක් හරි බ්ලොග් එකක් හරි තියෙනවා කියල. ඔයා ඒකට හදනවා ෆේස්බුක් පේජ් එකක්. ඒ පේජ් එකට අදාල Like/Share බට්න් ටික සහිත Widget එකක් ඔයාගෙ වෙබ් එකට/ බ්ලොග් එකට දාගන්න ඕන කියල හිතන්න. (බලන්න මේ බ්ලොග් එකේ උඩ හරියෙ දකුණු පැත්තෙ ඇති මේකෙ ෆේස්බුක් පේජ් එකේ Like/Share බට්න් ටික. Like එකක් දාන්න හොඳේ. )
අන්න ඒ වගේ එකක් හදන්නත් ෆේස්බුක් ඩිවලොපර් එකවුන්ට් එකක් ඕන. ඒ එකවුන්ට් එකෙන් ගිහින් App Paltform එකක් නිර්මාණය කලාම ඒකට අදාල App ID එක හරහා තමයි වැඩේ කරන්න පුලුවන්.
බලන්න මම අර කියපු widget එක හදල තියෙන්නෙ මේ Cartoon Collections කියන App ID එක පාවිච්චි කරලම තමයි.



Docs → Social Plugins → Page Plugin කියන පාත් එක පාවිච්චි කරල මෙතනට එන්න පුලුවන්. ඊටපස්සෙ සුදුසු විදියට මේක customize කරලා යටින්ම තියෙන Get Code කියන බට්න් එක ක්ලික් කරන්න. එතකොට මේ වගේ code එකක් Generate වෙලා එනවා.


දැන් ඉතින් දෙයියනේ කියල ඕකෙ කියල තියෙන විදිහට උඩ js කොටස ඔයාගෙ වෙබ් පේජ් වල <body> එක ගාවත් html කොටස මෙ widget එක display වෙන්න ඕන තැනත් පේස්ට් කරන්න. code එකත් ඉතින් කැමති විදියට වෙනස් කරන්න පුලුවන්. මේක element එකක් විදියට ගන්න ඔයා කැමති නැත්නම් Inline Frame එකක් විදියට ගන්නත් පුලුවන්. ඔය iFrame කියල එකක් උඩින් තියෙන්නෙ. ඒක ක්ලික් කලාම එන <iframe src = ".... කියන කෝඩ් එක ඔයාට මේ widget එක එන්න ඕන තැන paste කරන්න. බ්ලොග් එකක් කරනවා නම් ඒකෙ HTML/JavaScript widget එකක් create කරල අතන paste කරන්න.ලේසියි. පහසුයි.
පේනවනෙ. අපි කලින් හදපි App එකේ App ID හරහා තමයි ඕක වෙන්නෙ.

ඔයා හදන ඇප් එකට හරි ඔයාගෙ වෙබ් අඩවියේ Login form එකක් තියෙනවා නම් ඒකට ලොග් වෙන්න හරි තමන්ගෙ ෆේස්බුක් එකවුන්ට් එක  හරහා ලොග් වෙන්න users ලට හැකියාව ලබා දෙන්නත් මෙතන පහසුකම් ලබා දීලා තියෙනවා. දැකල ඇතිනෙ, ෆේස්බුක් ඇප් සහ සමහර වෙබ් අඩවිවල තියෙනවා Login with Facebook කියල. මේ අන්න එහෙම ඒව හදන හැටි. 



ඉතින්, මම මේ කළේ Facebook App Developing ගැන පොඩි හැඳින්වීමක් විතරයි. මේක මම කිවුවට වඩා ගොඩක් සංකීර්ණ දෙයක්. ඉගෙනගත්තොත් ඕන කෙනෙක්ට කරන්න පුලුවන්.
ෆේස්බුක් එන්න මේවා 1%ක් වත් දැනගන්න ඕන නෑ. මේ ආටිකල් එක දැකල කවුරුත් බය වෙන්න ඕනත් නෑ. මේවා වලින් තමයි Facebook එකේ ඇප්, ගේම්ස් හදල මේ තත්වෙට අද වෙද්දි දියුණු වෙලා තියෙන්නෙ. කොහොම උනත් අපි ගොඩක් අය, 99%ක්ම වගේ ෆේස්බුක් එන්නෙ ඇප් හද හද ඉන්න නෙමෙයිනෙ. පොඩි චැට් එකක් දාලා, පින්තූරයක් දෙකක් අප්ලෝඩ් කරලා අනිත් අයගෙ ඒවට Like, Comment දාල අපේ ඒවට අනිත් අය Like, Comment දාද්දි පොඩ්ඩක් සතු‍ටු වෙන්නනෙ. වෙන විදියකට කියනවා නම් පාලු මැකෙන්න පොඩි fun එකක් වෙනුවෙන්. ඒ හින්ද එහෙම එන අයට මේ දේවල් කිසිම අදාලත්වයක් නෑ. වොරි වෙන්න එපා. අදාල නෑනේ.
අර මේ දේවල් වලට ආස කරන 1%ක් වෙනුවෙන් තමයි මේ ආටිකල් එක හැදුවෙ. අනිත් අය මේක මෙහෙමම අමතක කරල දැම්මත් කමක් නෑ...

home

fbsinhalen ©2016 fbsinhalen.blogspot.com - All Rights Reserved
Original Template by Blogger and was moderated & re-designed by Nimsara Madubashini