"ෆේස්බුක් එකට රිපෝට් කිරීම"..... ගොඩක් දෙනෙක් කතා වෙන දෙයක්...ඔයාල මොනවද ඒ ගැන දන්නෙ? කරල තියෙනවද ඒ වැඩේ? නැත්නම් ඔයාවත් රිපෝට් වෙලා තියෙනවද? නැත්නම් අඩු ගානෙ රිපෝට් කරපු ඒවා හරි කරන හැටි හරි ගැන පෝස්ට් එකක්වත් දැකලා තියෙනවද?
මම දැකල තියෙනවා ගොඩක් අය කියනවා මොකක් හරි රිපෝට් කරලා ඒක ෆේස්බුක් එකෙන් අයින් කරන්න නම් ගොඩක් දෙනෙක් එකතු වෙලා ඒක රිපෝට් කරන ඕන කියල. ඇත්තටම ඒක බොරු කතාවක්. ඔයාට තනියෙන් රිපෝට් කරල උනත් පුලුවන් එහෙම කරදරයක්, වාතයක් වෙලා තියෙන එකක් අයින් කරවන්න.
නමුත්, ගොඩක් දෙනෙක් දන්නෙ නෑ ඇත්ටටම රිපෝට් කරන හැටි. කරන්නන් වාලෙ කරලා ඒක කරන්න බෑ. ඒක කරන ක්‍රමයක්/මෙතඩ් එකක් (a method) තියෙනවා. ඒ ක්‍රමේට ඔයා තනියෙන් උනත් මොකක් හරි රිපෝට් කලොත්, අනිවාර්යෙන්ම ඒක අයින් කරල දානවා ෆේස්බුක් සමාගමෙන්.
වැදගත්ම දේ, ඔයා රිපෝට් කරන්නෙ සාධාරණ හේතුවක් මත විය යුතුමයි. දෙවෙනියට, ඔයා කරන රිපෝට් එක මගින් 100%ක්ම අර කියපු හේතුව තහවුරු විය යුතුමයි.
මේක ගොඩක් වෙලාවට බලපාන්නෙ ගෑණු ළමයින්ට. අසභ්‍ය දර්ශන, ලිංගික ඡායාරූප, කුණුහරප, ඒ වගේම ඔයාලව බ්ලැක්මේල් කරන්න හදනවා වගේ නම් ඒ ප්‍රොෆයිල්, පේජ් වගේ දේවල් "හරි ක්‍රමයට" තනියෙන් වුණත් රිපෝට් කරලා අයින් කරලා දාන්න අපිට පුලුවන්. ගැණු ළමයින්ට විතරක් නෙමෙයි, පිරිමි ළමයින්ටත් මේක පොදුයි. රිපෝට් කරන්න බය වෙන්නෙපා.
කවුරු හරි තාමත් කියනවා නම් තනියම රිපෝට් කරල වැඩක් නෑ කියල, මේ තියෙන්නෙ මම තනියෙන් රිපෝට් කරපු ඒවා, "හරි ක්‍රමයට". ඔයාල රිපෝට් කරන එක "හරි ක්‍රමයට" කරන එක තමයි වැදගත්ම දේ.
මේ තියෙන්නෙ ෆේස්බුක් එකේ මම දැකපු ජරා පෝස්ට් කීපයක් රිපෝට් කලාම ඒව අයින් කරල තිබුණ හැටි.
ඔයාල රිපෝට් කලාට පස්සෙ ඒවට මොකද උනේ කියල බලන්න ෆේස්බුක් menu එකේ දකුණු පැත්තෙ පුංචි ඊතලේ ක්ලික් කරලා Settings, Logout, Help වගේ ඒවා තියෙන මෙනු එකෙන් Support Inbox කියන එකට යන්න (පරිගණකයේ)
අයියෙක් (ෂුවර් නෑ හරියටම) දාලා තිබුණා එයාගෙ අවයවයක ෆොටෝ එකක්. ඒකත් රිපෝට් කලා. තනියම.
ඔයාගෙ පෝස්ට් වලට අනිත් අය නරක කොමෙන්ට් දැම්මොත් ඒවා අයින් කරන්න නම් ඔයාට පුලුවන්නෙ. ඒ වගේම, ඔයා ඉන්න ගෲප්, පේජ්වල පෝස්ට් වලට නරක කොමෙන්ට් දාල තිබුණොත් කවුරු හරි, තනියම උනත් "හරි ක්‍රමයට" රිපෝට් කරලා ඒකටත් වැඩක් දෙන්න පුලුවන්.
ෆේස්බුක් යාලුවෙක්ම වෙන්න ඕන නෑ. ඔයා ෆේස්බුක් එකේ ඉද්දි දැක්කොත් කාගෙ හරි ප්‍රොෆයිල් එකක සම්පූර්ණයෙන්ම ජරාව තියෙනවා, එහෙමත් නැත්නම් කවුරු හරි ඔයාලට කරදර, බ්ලැක්මේල් කරන්න හදනවා නම්, උන්ගෙ ප්‍රොෆයිල් එක පවා තනියම රිපෝට් කරන්න පුලුවන්.
එක පාරක් සුදු නංගියෙක් මට තර්ජනේ කලා. මගෙ ෆොටෝ එඩිට් කරලා මොකක්ද සයිට් එකකට දානවා කියලා. ඒ උනාට ඒ "අයියා" දැනගෙන ඉන්න නැතුව ඇති මේ "රිපෝට් කිරීමේ කලාව" ගැන. ඔයාලටත් පුලුවන්. මේ පාර රිපෝට් කලේ, සම්පූර්ණ පේජ් එකක්.
ඇත්ත කතාව මේක තමයි. හිතමු වැරදිලාවත් අපි අතින් කිසිම වැරැද්දක් නැති එකක් රිපෝට් උනා කියල. මහ පාරක් මැද්දෙ ලිප් කිස් කොරන ඒවත් වැරැද්දක් නැති ගණයට තමයි වැටෙන්නෙ. ඇත්තටම ඒකෙන් කාටවත් හානියක් නැති නිසා. මතක තියා ගන්න. අපි රිපෝට් කරන්න ඕන අපිට හෝ වෙනත් කාට හරි, හානියක් වෙන දෙයක් විතරයි.
ඒ වගේ කාටවත් හානියක් නැති දෙයක් "තරහට" රිපෝට් කලාට වැඩක් නෑ. ඔයාට එන්නෙ මෙන්න මෙහෙම මැසේජ් එකක්. (It doesn't violate our Community standards). ඇත්තටම තමන්ගෙ තරහ පිටකරගන්න කාව හරි රිපෝට් කරන එක නම් පොඩ්ඩක්වත් අනුමත කරන්න බැරි "කාලකණ්නි වැඩක්".
(මේක මම රිපෝට් කලේ එක්තරා දේශපාලකයෙකුට ගහපු "දරුණු" මඩක්. ඒකත් ෆේස්බුක් එකට අවුලක් නැතිලු. හේතුව මට පස්සෙ තේරුණේ. මම ඒක කිවුවොත් සමහරු ඒ චාන්ස් එකෙන් වැරදි විදියට ප්‍රයෝජන ගන්න පුලුවන් නිසා මම මෙතන කියන්න යන්නෙ නෑ ඒක).
ඔයාලා හොයලා බලන්න රිපෝට් කරන "හරි ක්‍රමය" ගැන. පේජ් එක දිග වැඩි වෙන නිසා ඕන නම් ඒක පෝස්ට් එකක් හෝ කීපයක් විදියට පස්සෙ දාන්නම්.
ඕන කියල හිතෙනවා නම් පහලින් කොමෙන්ට් එකක් විදියට දාන්නකෝ.
ඒ වගේම මේ පෝස්ට් එක ගැන හිතෙන ඒවත් පහළින් කොමෙන්ට් කරන්න ඔයාලා.
Mata nam danaganna oni e kohomada kiyla
ReplyDeleteMata nam danaganna oni e kohomada kiyla
ReplyDeleteKohomada report krnne
ReplyDeleteදාමු. දැන් ආයෙම මේක පටන් ගන්නයි යන්නෙ.
Deleteරිපොට් සිස්ටම් එක දාපන් මචන්
ReplyDeleteදාමු. දැන් ආයෙම මේක පටන් ගන්නයි යන්නෙ.
Deleteඩිසේබල් ලින්ක් තියනවද🤔
ReplyDeleteඔයාගෙ ප්‍රොෆයිල් එක ඩිසේබල් කරන විදිහද? ප්‍රශ්නෙ පැහැදිලි මදි.
DeleteMama mage page ekenui fb acc. Ekenui deshapalane gena rate wena asadaranakam gena katha karanawa. Iye mage fb acc. Ekai page ekai dekama nethi una.man amaruwen goda da gaththa page ekak eka.. mata apahu page eka ganna ona kohoma hari. Puluwan nam mata udau karanna.. loku udauwak
ReplyDeleteකොහොමද
ReplyDeleteරිපොට් වෙච්චි එකක් අයින් කරන්නේ කොහෙමද
ReplyDeleteමට බොරුවට රිපෝට් ගහල මාව දවස් 3ක් බ්ලොක් කරල තිබුන මෙහෙම දෙපාරක් මට කරල තිබුන...මාර වදයක්...මම මොකද කරන්නෙ
ReplyDelete