බුකියේ වැදගත් පි‍ටු

ෆේස්බුක් භාවිතා කරනකොට ඔයාලගෙ යාළුවන්ගෙ ප්‍රොෆයිල් වගේම ෆේස්බුක් පි‍ටු (pages) වලටත් තියෙන්නෙ ගොඩක් ලොකු තැනක්.  ඔයාලට අපිට ලොකු ලොකු නළු නිළියන්ගෙ, එහෙමත් නැතිනම් දේශපාලකයන්ගෙ, ක්‍රීඩකයන්ගෙ වගේ අයගෙ ප්‍රොෆයිල් වලට ඇඩ් වෙන්න බෑනෙ. ඒ නිසා තමයි ඒ වගේ අයගෙ පි‍ටු / ෆෑන් පේජ් (Fan pages) තියෙන්නෙ. අපිට තියෙන්නෙ ඒවට ගිහින් "ලයික්" බට්න් එක ඔබන්න විතරයි. එතකොට ඒ අය ෆේස්බුක් දාන දේවල් අපේ ෆේස්බුක් News Feed / Home එකට එනවා.
ඒ විතරක් නෙවෙයි. තමන් කැමති දේශපාලනයේ විස්තර ලබා ගන්න, ප්‍රවෘත්ති දැනගන්න, ඕපදූප බලන්න, විනෝදාස්වාදය රසවිඳින්න වගේම Samsung, Adobe වගේ සමාගම් වල නවතම නිෂ්පාදනවල අලුත් විස්තර ලබාගන්නත් Facebook පි‍ටු පාවිච්චි කරනවා. දැනුම ලබාගන්න (විද්‍යාව, ඉතිහාසය, සෞඛ්‍ය සහ පෝෂණය, ඉංග්‍රීසි, දැනුම මිනුම....) වගේ දේවල් වලටත් ෆේස්බුක් පි‍ටු උපකාර කරගන්න පුලුවන් ඇත්තටම. තමන්ට ගැලපෙන හරි පි‍ටු වලට ලයික් කරල තිබුණොත් ඇත්තටම මේක විකිපීඩියා වලටත් වඩා ලේසි ක්‍රමයක් ලෝකෙත් එක්ක එකතු වෙන්න.

ඔය පල්ලෙහායින් තියෙන්නෙ ඒවගේ ජනප්‍රිය පි‍ටු කීපයක ස්ක්‍රීන්ෂොට් වගයක්.
ඊටත් පහළින් ජනප්‍රිය, වැදගත් ෆේස්බුක් පි‍ටුවල ලින්ක් ගොඩාක් ඇති. ඔයාලත් කැමති නම් ඒවට ලයික් කරන්න.  


ජනප්‍රිය ගායිකා ශකිරාගෙ නිල ෆේස්බුක් පි‍ටුව. බලන්න ඒ පි‍ටුවෙ Shakira කියන නම ළඟින් තියෙන නිල් පාට හරි ලකුණ. (screenshot එකේ පින්තූරෙ උඩ ක්ලික් කරන්න. එතකොට ලොකු වෙයි. බලල ඉවර උනාම අහකින් ක්ලික් කරන්න. එතකොට ආපහු පොඩි වෙයි තිබුන ගාණටම). ඒකෙන් කියන්නෙ ඒ පේජ් එක ශකිරාගෙ ඇත්තම ඇත්ත පි‍ටුව බවට ෆේස්බුක් සමාගමෙන් තහවුරු කරනවා කියලයි. (ෆේක් නොවන බවට) ගොඩක් ජනප්‍රිය අයගෙ සහ සමාගම් වල (Celebrities and Organizations) ෆේස්බුක් පි‍ටු ඇත්තම ඇත්ත ඒව කියල අපිට හොයාගන්න තියෙන්නෙ ඔය නිල් පාට හරි ලකුණ තමයි. 



 දැන් මම මේ පහළින් දාන්න යන්නෙ ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන ජනප්‍රිය, වැදගත් ෆෙස්බුක් පි‍ටු කිහිපයක ලින්ක්. ‍තෝරල බේරල ගොඩවල් ගහල තියෙන්නෙ. කැමති අයට ලයික් කරන්න පුලුවන්.

(JavaScript වල පොඩි තාක්ෂණික ප්‍රශ්නයක් නිසා ෆේස්බුක් පි‍ටුවල නම් ටික සිංහල අකුරෙන් නම් දාන්න අමාරුයි. ඒකට සමාවෙන්න ඕන. ඔය පහල තියෙන මෙනු එකෙන් ඔයාලට කැමති එකක් ‍තෝරලා ගන්න)

 ඔයා හොයන්නෙ මොන ජාතියෙ ෆේස්බුක් පි‍ටුද?



{{ x.name }}     
home

fbsinhalen ©2016 fbsinhalen.blogspot.com - All Rights Reserved
Original Template by Blogger and was moderated & re-designed by Nimsara Madubashini