ලයික්, කමෙන්ට් සහ ෂෙයාරින් (Likes, Comments and Sharing)

මේවා නම් ඉතිං නොදන්න අය ඉන්න විදියක් නෑ. අළුතෙන්ම මූණුපොතට ගොඩවැදුන අයගේ දැනගැනීම පිණිසයි මේ පි‍ටුව. මේකෙ තියෙන්නෙ කොම්පියුටර් එකෙන් ලයික්, කොමෙන්ට්, ෂෙයා කරන හැටි. ෆෝන් එකෙනුත් මේ විදියටම වෙන්න ඕන. නොදන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් බලන්නකො එහෙනම්.

ලයික් කරන හැටි.


ඕක තමයි පොස්ට් එක. (කවුරු හරි ඔයාගෙ යාලුවෙක් හරි පේජ් එකකින් හරි ගෲප් එකක සාමාජිකයෙක් හරි දාපු) ඕකෙ ඔය යටින්ම තියෙන්නෙ ලයික්, කොමෙන්ට් ඇන්ඩ් ෂෙයා කියල. එතනින් තමයි කරන්නෙ.ලයික් කියන බට්න් එක/ලින්ක් එකට ගිහින් මවුස් එක ඒක උඩින් තියාගෙන හිටියම මෙහෙම 6ක් පේනවා


පලවෙනි එක නිකංම නිකං ලයික් එක. දෙවෙනි එක ලව්. ෆොටෝ එකකට හරි වීඩියෝ එකකට හරි ආදරේ හිතුනොත් දෙවෙනි එක ඔබන්න. ඔය චුට්ටි බබියෙක් එහෙම දැක්කොත්. තුන්වෙනි එක ඔබන්න තියෙන්නෙ හිනායන එකක් දැක්කොත් එහෙම. ඇස් දෙක උඩ යන සයිස් එකක් නම් 4 වෙනි එක. තනි ඇහැට හරි ඇස් දෙකටම හරි ඇඬෙනවා නම් 5 වෙනි එක. මොකක් හරි ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි දැක්කාම කොම්පියුටර් එක හෝ ෆෝන් එක පොලවේ ගහන්න හිතෙනවා නම්, ඒක පොලවෙ ගහන්න එපා. අපරාදෙනෙ. ඒ වෙනුවට මේ අන්තිම එක ඔබන්න.

දැන් මේ තියෙන්නෙ අනුන්ගෙ පෝස්ට් එකකට ලයික් කරන විදිය, ඒ වගේම මෙහෙම ජාති 6ක් නැතත්, ඔයාලට පුලුවන් අනුන්ගෙ කොමෙන්ට් එකකටත් ලයික් දාන්න. කොමෙන්ට් එක හොඳයි කියල හිතෙනවා නම් ලයික් එකක් දාන්න.
හැබැයි තාම අන්ලයික් (Unlike) බට්න් එකක් නම් ෆේස්බුක් වලා හදල නෑ. යූටියුබ් වල නම් තියෙනවා. ඒකනෙ ඔය ගොඩක් "පොෂ්" නිළියො එහෙම වීඩියෝ යූටියුබ් නොදා ෆේස්බුක් දාන්නෙ. අන්ලයික් කරනවට බයේ. 

කොමෙන්ට්

ඒ කියන්නෙ අනිත් අයගෙ පෝස්ට් වලට තමන්ගෙ අදහස් දක්වන එක. වචන වලින් පොඩියට හෝ හෑලි වගේ අදහස් දක්වන්නත් පුලුවන්. එහෙම නැත්නම් ටයිප් කරන්න කම්මැලි වගේ නම් ස්ටිකර් කොමෙන්ට් දාන්නත් පුලුවන්.  ලින්ක් එකක් එහෙම කොමෙන්ට් කරනවා නම් http:// හෝ https:// කියන එකත් පාවිච්චි කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම කොමෙන්ට් එකකට කොමෙන්ට් දාන්නත් පුලුවන් (reply). පත්තරවලට ලියන විචාර පලකරවගන්න සෑහෙන්න අමාරුනෙ. ඉතින් ෆේස්බුක් කොමෙන්ට් දාන එක ඊට වඩා සෑහෙන්න ලේසියි. ෂෝක් නේද?


ඔය කො‍ටු කරලා තියෙන එක ක්ලික් කලාම ස්ටිකර් කොමෙන්ට් දාන්න පුලුවන්. ලියන්න කම්මැලි වගේ නම්


පෝස්ට් ෂෙයා කිරීම (Sharing)

අනිත් අය දාපු පෝස්ට් වෙනත් කෙනෙක්ගේ වෝල් එක මතට ලින්ක් කරන එක තමයි ෂෙයා කරනවා කියන්නෙ. ඒ කියන්නෙ වෙන ළමයෙක් ගෙනාපු බත් එකක තියෙන මාළු කෑල්ලක් ඉස්කෝලෙදි තමන්ගෙ බඩට ෂෙයා කරනවා වගේ. ඔය පෝස්ට් එකකට යටින් තියෙන "Share" බට්න් එක එබුවාම මෙහෙම එකක් ඒවි.


උඩින්ම තියෙන්නෙ Share Post Now කියල. ඒක ඔබපු ගමන් හරස් ප්‍රශ්න ඇහිලි මොකුත් නේ. කෙලින්ම ඔයාගෙ වෝල් එකේ තමයි පෝස්ට් එක නවතින්නෙ. Send as Message කියන්නෙ යාලුවෙකුට පුද්ගලික පණිවුඩයක් විදියට inbox යවන්න. Share on a friend's Timeline කියන්නෙ යාලුවෙක්ගෙ වෝල් එකේ ෂෙයා කරන්න. Share to a Page" කියන්නෙ පේජ් එකකට ෂෙයා කරන්න.
අපි කියපු නැති දෙවෙනි එක තියෙනවනෙ. ඒක මේ සේරගෙම මික්ස්චර් (mixture) එකක්. හැමදේම ඒකම තැනකින් අඩුවට ලාබෙට ගන්න තියෙන තැනක්. ඒ වගේම එතන තියෙනවා ගෲප් වලට ෂෙයා කරන්න, සහ, ඔයා ෆේස්බුක් පේජ් ඇඩ්මින් කෙනෙක් නම් Share on a page You Manage කියල ලින්ක් එකක්.  එතනින් ෂෙයා කලාම, ඔයාගෙ පේජ් එකට පෝස්ට් වෙන්නෙ ඔයාගෙ නමින් නෙමෙයි, පේජ් එකේ නමින්.

home

fbsinhalen ©2016 fbsinhalen.blogspot.com - All Rights Reserved
Original Template by Blogger and was moderated & re-designed by Nimsara Madubashini