ෆේස්බුක් ප්‍රොෆයිල්
මේක නම් නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑනෙ. තමන්ගෙ නමට තමන්ගෙ විස්තර දාලා, එහෙම නැත්නම් ලස්සන අන්වර්ථ නාමයකින්. එහෙමත් නැත්නම් ඔය දෙකම දාලා ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගන්න වයස අවුරුදු 13කට වැඩි ඕන කෙනෙකුට පුලුවන්. තමන්ගෙ ෆෝන් නම්බර් එක හරි ඊමේල් ඇඩ්‍රස් එක හරි පාවිච්චි කරලා ආරක්ෂිත පාස්වර්ඩ් එකකුත් දාගෙන ඔයාලට පුලුවන් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගන්න. එකවුන්ට් එක create කලාට පස්සෙ, තමන්ගෙ කැමති චිත්‍රපටි, සින්දු, ෆොටෝස්, නළු නිළියන්, ක්‍රීඩා, පොත් ආදී එකී මෙකී නොකී ගොඩක් දේවල් දාලා, කැමති නම් වයස, ඇඩ්‍රස් එක එහෙමත් දාලා ඕනම නම් ෆෝන් නම්බර් එකත් දාලා ප්‍රොෆයිල් එක ලස්සනට අප්ඩේට් කරගන්න පුලුවන්.

ඔය තියෙන්නෙ එහෙම හදපු ප්‍රොෆයිල් එකක්. (වෙන කාගෙවත් නෙමෙයි මගේ) දැන් අපි බලමු මේකෙ කොටස් එකින් එක
ප්‍රොෆයිල් එකේ කවර් ෆොටෝ සහ ප්‍රොෆයිල් පික්චර් කියල දෙකක් තියෙනවනෙ. කවර් ෆොටෝ එකේ සයිස් එක 315 x 851 px. (පික්සල්) ප්‍රොෆයිල් පික්චර් එකේ සයිස් එක 200 x 200 px වත් උනොත් හොඳයි.
2. About කියන්නෙ අපේ විස්තර... නම ගම උපන් දිනේ, බැඳලද නැද්ද...
මෙතන බැලුවාම අපේ ගමත් තියෙනවා. චැට් කරන්න කලින් මේක බැලුවා නම් "ඔයා කොහෙද?" කියල අහන්න ඕන නෑ.
3. Friends අපේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක - ඔයාට කවුරු හරි රික්වෙස්ට් එකක් එවලා තිබුනොත් ඇක්සෙප්ට් කරන්න කලින් මෙතනින් එයාගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක බලන්න මොන වගේ එවුන්ද ඉන්නෙ කියල.
4. Photos - ඔයගෙ, ඔයාට ටැග් කරපු ෆොටෝස්
5. More - ඔයාගෙ, ඔයාට ටැග් කරපු වීඩියෝ, ඔයාගෙ නෝට්ස්, ලයික්ස්, පේජ්ස්, ගෲප්ස්... ඕවා තමයි
ඔයාට හිතෙන දේවල්, ඔයාගෙ මොනව හරි ෆොටෝස්, වීඩියෝස් දානවා නම් ඒවා Whats on your mind කියන සුදු පාට කොටුවෙ ටයිප් කරලා හෝ ඒකට දාලා post කියන එක ඔබන්න.
එහෙම දාන ඒවා තමයි එතන යට දිගටම පෙන්වන්නෙ
වම් පැත්තෙ කොටසෙ:
Intro කියල තියෙන්නෙ ප්‍රොෆයිල් එක අයිතිකාරයා ගැන පොඩි විස්තරයක්. ඊටත් යටින් ඔයාගෙ අර About කොටසෙ තියෙන ඒවයෙ පුංචි සාරාංශයක් තියෙනවා, ඊටත් යටින් ෆොටෝස් 5ක් දාන්න පුලුවන්. කතාවක් තියෙනවනෙ වචන 1000කින් කියන්න බැරි දේවල් එක ෆොටෝ එකකින් කියන්න පුලුවන් කියල. ඔයා ගැන, ඔයාගෙ අදහස් ගැන කියවෙන ඡායාරූප 5ක් එතනට දාන්න.
දකුණු පැත්තෙ කොටසෙ:
පෙන්වන්නෙ ඔයාගෙ යාලුවො ටිකක්. ආසන්නම කාල සීමාවෙදි චැට් කරපු යාලුවො ටික තමයි ඔතන පෙන්වන්නෙ. නම ළඟින් කොළපාට බෝලයක් පෙන්වන්නෙ මේ වෙලාවෙ චැට් සඳහා Online ඉන්න කට්ටිය.වෙන කාගෙ හරි ප්‍රොෆයිල් එකක් බලද්දිත් , ඔතනින් පෙන්වන්නෙ එයාගෙ යාලුවො නෙමෙයි ඔයාගෙ යාලුවො බවත් ඔලුවෙ තියාගන්න එක හොඳා.
මේ තියෙන්නෙ ප්‍රොෆයිල් එකේ උඩම කොටස. ඔය නම තියෙන තැන ඔයාලට ඕනම නමක් ගහල search කරන්න පුලුවන්. ඔයාගෙ ප්‍රොෆයිල් එකට යන්න ඔයාගෙ නම ක්ලික් කරන්න. ඔය මැද හරියෙ තියෙන්නෙ. Home කියල තියෙන්නෙ ඕපදූප මල්ල. ඒ කියන්නෙ Home එකට ගියාම බලාගන්න පුලුවන් අනිත් අය, ඔයාගෙ යාලුවො අලුතෙන් දාපු පෝස්ට්. බත් සෙල්‍ෆි, පාන් සෙල්‍ෆි, KFC සෙල්‍ෆි, කට ඇද සෙල්‍ෆි, දෙකට නැවිල ඉන්න සෙල්‍ෆි වගේම 21 වන සියවසේ මහා පඬිවරුන්ගේ රුවන්වැකි වැනි සුන්දර දේවල් රාශියක් දැකගන්න පුලුවන් මෙතනින්.
ඊට එහා පැත්තෙ icons කීපයක් තියෙනවනෙ. වමේ සිට පිලිවෙලට1. Friend Requests - ඔයාට ආපු රික්වෙස්ට් ගාන
2. Messages - ඔයාට අපු මැසේජස් ගණන - ක්‍රියාශිලී පිරිමි අයගේ ඔතන ඉඳලා හිටලා 1-2 වගේ ඉලක්කමක් තියෙන්න පුලුවන්. අර කට ඇද සෙල්‍ෆි, KFC සෙල්‍ෆි, වගේ සෙල්‍ෆි දාන කෙල්ලන්ගෙ නම් කොයි වෙලාවෙත් ඔතන 25-30 වරදින්නෙ නෑ.
3. Notifications - රොයිටර් පුවත් සේවය - අර හෝම් එකට එන ඕපදූප වලයි අනිත් අය අපේ පෝස්ට් වල්ට කොමෙන්ට් කරපු ප්‍රවෘත්ති වලයි සිරස්තල ටික
4. ඉබි යතුර - පෝස්ට් වල privacy හදන්න
5. පොඩි ඊතලේ - සෙටින්ග්ස් හදන්න, help ගන්න වගේ වැඩ ගොඩක් තියෙනවා. පස්සෙ කතා කරමු.
ඔය ඇඩ්‍රස් බාර් එකේ තියෙන ලින්ක් එක තමයි ඔයාගෙ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක (URL එක) වෙන කාගෙ හරි ප්‍රොෆයිල් එකකට ගියාමත් එයාගෙ ලින්ක් එක ඔතන පෙන්වනවා. උවමනාවකට copy කරගන්නත් පුලුවන්
ෆේස්බුක් පේජස් (Facebook Pages)
මේවා ප්‍රොෆයිල් වලට වඩා වෙනස්. පේජ් හදන්නෙ ගොඩක් වෙලාවට නළු නිළියෝ, එක එක සමාගම් වලින්, සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයෝ සහ ඔය සමිති, විවිධ කණ්ඩායම් වගේ අය. ප්‍රෆයිල් වලට වඩා මේවා ටිකක් වෙනස්. ප්‍රධානම වෙනස අපි එයාලට රික්වෙස් යවන්නවත් එයාලා අපිව ඇක්සෙප්ට් කරන්නවත් ඕන නෑ. අපිට තියෙන්නෙ ඒ පේජ් එකට ගිහින් ලයික් (Like) බට්න් එක ඔබන්න විතරයි.
අනිත් ප්‍රධානම වෙනස තමයි මේ පේජ් වලට එක අයිතිකරුවෙක් කියල කෙනෙක් නෑ. ඒක පවත්වාගෙන යන අය, ඒ කියන්නෙ ඇඩ්මින්ලා (Administrator / Admin) කීප දෙනෙක් ඉන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඔය නළු නිළියො වගේ අයගේ පේජ් පවත්වාගෙන යන්නෙ එයාලගෙ පුද්ගලික ලේකම්ලා වගේ අය. ඉතිං එයාලට යවන්න ඕන පුද්ගලික පණිවුඩ පේජ් එකට යවල හරියන්නෙ නෑ. කවුරු උනත් පේජ් එක කරන් යන අය දාන පෝස්ට් තමයි "පේජ් එකේ Home කියන තැනට එන්නෙ. ඒවා අපේ එකවුන්ට් එකේ Home කියන ඕපදූප මල්ලටත් ඒ විදිහටම එනවා.

ඔයාට මොකක් හරි ෆේස්බුක් පිටුවකින් එන notifications ඔයාගෙ home එකේ උඩටම ගන්න ඕන නම් කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. පේජ් එක ලයික් කලාට පස්සෙ, ඒකෙ Following කියන එක ක්ලික් කරල, එතන තියෙන See First කියන එකට ✓ ටික් එකක් දාන්න විතරයි.
ෆේස්බුක් ගෲප්ස් (Groups)
මේවා ප්‍රොෆයිල් වලයි පේජ් වලයි දෙකේම එකතුවක් වගේ. මේවත් පුද්ගලික ඒවා නෙමෙයි. ඒ කියන්නෙ පේජ් වගේම ඇඩ්මින්ලා 2-3ක් හෝ ඊට වැඩිපුර උනත් ඉන්නවා. ප්‍රොෆයිල් වල උපරිම ෆ්‍රෙන්ඩ්ස් ලිමිට් එක 5000 උනත් පේජ් සහ ගෲප් වල මිලියන ගණනක් උනත් සාමාජික වෙන්න පුලුවන්. පේජ් වගේම මේවත් කණ්ඩායම් වෙනුවෙන් හදන වර්ගයක් කියලා කියන්න පුලුවන්. (උදා:- පරිගණක වලට කැමති අය, සෙලීනා ගෝමස්ට කැමති අය, නිසඳැස් ලියන, කියවන අය...)
ඔය තියෙන්නෙ ලංකාවෙ ජනප්‍රිය පරිගණක ගෲප් එකක්. සාමජිකයො ලක්ෂ ගණනක් ඉන්නවා විවිධ පරිගණක සම්බන්ධ ගැටලු වලට උත්තර හොයන්න.
පේජ් වල අර See First එක වගේම ගෲප් ලේසියෙන් හොයාගන්න බුක්මාක් කරන්නත් පුලුවන්. ගෲප් එකට Join උනාට පස්සෙ, පහල රූපයේ තියෙන විදියට Add to Favorites කියන එක ක්ලික් කරන්න
මේවා පේජ් වලට වඩා වෙනස් වෙලා ප්‍රොෆයිල් වල ලක්ෂණ පෙන්වන්නෙ මෙහෙමයි. කාගෙ හරි ප්‍රොෆයිල් එකකට ඇඩ් වෙන්න එයාට රික්වෙස්ට් යවන්න ඕන වගේම ගෲප් එකකට ජොයින් වෙන්නත් ගෲප් එකට රික්වෙස්ට් යවන්න ඕන. ගෲප් එකේ දෙනටමත් ඉන්න කෙනෙක් (හෝ ඇඩ්මින් කෙනෙක්) ඒක ඇක්සෙප්ට් කලාට පස්සෙ ඔයාට ගෲප් එකට ජොයින් වෙලා එකේ පෝස්ට් වලට ලයික්, කොමෙන්ට් දාන්න වගේම ඔයාට ඒකට පෝස්ට් දාන්නත් පුලුවන්.
අලුත් ගෲප් එකකට ජොයින් වෙන්න නම් ගෲප් එකට ගිහින් Join Group කියන බට්න් එක ඔබන්න. අර කිවුව විදියට එහෙන් ඒක ඇක්සෙප්ට් කලාම ඔයත් ගෲප් මෙම්බර් කෙනෙක්.
ඔය උඩින් තියෙන්නෙ "පරිගණක උදව්" ගෲප් එකට ඒකෙ සාමාජිකාවක් දාපු පෝස්ට් එකක්. මෙහෙම Help කරන ගෲප් එකකට ඔයාගෙ ප්‍රශ්නෙ දැම්මාම ඒකට උත්තරේ දන්න අනිත් සාමාජිකයො ඔයාට උදව් කරාවි.