March 3, 2017

අරන් යන්න ඉඩත් නෑ දාලා යන්න හිතත් නෑ

"අරන් යන්න ඉඩත් නෑ දාලා යන්න හිතත් නෑ" අහල ඇතිනෙ ඕක. ඔක බස්වලටයි ත්‍රීවීලර් වලටයි රේස්බුකියටයි විතරක් නෙමෙයි ෆේස්බුකියටත් පොදුයි. සමහරු ඉන්නවනෙ " මට ඔයාව පේන්න බෑ. ඒ උනාට නැතුවත් බෑ. ඔයාගෙ එක එක post, notification මගෙ Home එකට එන්නත් බෑ. අඩු ගානෙ ඔයාගෙන් notification එකක්වත් මට ඕන නෑ. ඒ උනාට unfriend වෙන්නත් බෑ.."

අන්න එහෙම වෙලාවට පාවිච්චි කරන්න ක්ෂණික පේයාව වගේ එකක් දීලා තියෙනවා ෆේස්බුක් එකෙන් ඔයාට. ඒ තමයි Unfollow හෙවත් Follow කරන්නෙ නෑ තවදුරටත් කියන එක. එහෙම කලාම, ඔයා තාමත් එයාගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක්. හැබැයි එයාගෙන් notification ඔයාට එන්නෙත් නෑ. එයාගෙ පෝස්ට් ඔයාගෙ Home එකට එන්නෙත් නෑ. (නමට ‍friend කෙනෙක්). මාරයි නේ.

දැන් අපි මුලින්ම බලමු කොහොමද ඕක කොම්පියුටර් එකකින් කරන්නෙ කියල. ඊට පස්සෙ බලමු ෆෝන් එකෙන් කරන්නෙ කොහොමද කියල.


ඔය Following කියන බට්න් එක එබුවාම එන Unfollow කියන බට්න් එක ඔබන්න. (රතු පාටින් කො‍ටු කරල තියෙන්නෙ). එච්චරයි. Default කියන්නෙ ඔයාට එයාගෙ ඒවා පෙන්වනවා. See First කියන්නෙ අනිත් සේරටම කලින් තමයි එයාගෙ ඒව ඔයාට පෙන්වන්නෙ. (මයි ස්වීට් හාට්ගෙ ප්‍රොෆයිල් එකට එහෙම දාගන්න). කලින් කිවුවා වගේම Unfollow කියන්නෙ කිසිම notification එකක් නෑ. 

ඔය වැඩේම පේජ් එකකට කරන්නත් පුලුවන්. පේජ් එකේ notification එන්නෙ නෑ එතකොට. හැබැයි Liked.


මෙහෙමත් පුලුවන්. ඔයා Home එකේ පහලට පහලට යනකොට කාගෙ හරි ගෝතයෙක්ගෙ පෝස්ට් එකක් දැක්ක කියල හිතන්නකො ඔයා ආස නැති කෙනෙක්ගෙ. ඔය පහල ෆොටෝ එකේ රතු පාටින් රවුම් කරල තියෙන්නෙ බට්න් එකක්, ඒක එබුවාමත් ඌව Unfollow කරන්න බට්න් එකක් පහල වෙනවා. උගෙ ප්‍රොෆයිල් එකට නොගිහින් මෙතනිනුත් ඒක කරන්න පුලුවන්.



දැන් බලමු ෆෝන් එකෙන් ඕකම කරන හැටි. මුලින්ම පෙන්වන්නෙ එයාගෙ ප්‍රොෆයිල් එකට ගිහින් අන්ෆලෝ කරන හැටි. පියවර 1 තියෙන බට්න් එක එබුවාම පියවර 2 තියෙන බට්න් එක එනවා. ඒක එබුවාම... ඉතිං එච්චරයි.


ඊළඟට ඔබට පෙන්වන්නේ... පෝස්ට් එකක් දැක්කම එතනදිම ශොට් එක දෙන හැටි. ලද සැනින් එසැණින්... මෙතනින් ගියාම මේ පෝස්ට් එක විතරක් අයින් කරලා දාන්නත් පුලුවන්. පෝස්ට් එක දාපු කෙනාගෙ අනිත් පෝස්ට් සේරමත් අයින් කරලා දාන්න පුලුවන්. අර කිවුවා වගේ Unfollow කරන්නත් පුලුවන්.


 කතාව ඔච්චරයි. බලන්න දාල යන එක කොච්චර සරලද කියල. ආපහු එයාගෙ පෝස්ට් ඔයාගෙ එකට එන්න ඕන කියල හිතුනොත්, එයාගෙන් notification එකක්වත් නැතුව ඔයාට මහ පාලුවක් වගේ එකක් දැනුනොත් ටක් ගාල එයාගෙ ප්‍රොෆයිල් එක හොයාගෙන ගිහින් Follow බට්න් එක ඔබන්න. දැන් Unfollow බට්න් එක තියෙන තැන Follow කියලා බට්න් එකක් තියෙනවා ඔයාට පෙනෙයි. ඒක ඔබන්න එහෙම උනොත්.

අරන් යන්න ඉඩත් නෑ - දාලා යන්න හිතත් නෑ
කොමෙන්ට් එකක් දාල ගියාට කමක් නෑ

previous post next post home

fbsinhalen ©2016 fbsinhalen.blogspot.com - All Rights Reserved
Original Template by Blogger and was moderated & re-designed by Nimsara Madubashini