March 24, 2017

මේක නම් මේ නිකන් ඉන්න බැරි අමාරුවට කරන වැඩක්...

ලංකාවෙ කොල්ලො කෙල්ලො (බහුතරයක් කොල්ලො) ෆේස්බුක් භාවිතා කරන හැටි දැනගන්න පොඩි පරීක්ෂණයක් වගේ කරන්න හිතුවා. ඒ කියන්න සාමාන්‍යැන් හැමෝම දානවා වගේ පෝස්ට් ගොඩක් ෂෙයා කරන ගෑණු ළමයෙක්ගෙ එකවුන්ට් එකක් එක්ක එයාල හැසිරෙන හැටි, ඒ වගේ පෝස්ට් ෂෙයා කරන පිරිමි ළමයෙක්ගෙ එකවුන්ට් එකක් එක්ක එයාල හැසිරෙන හැටි... ටිකක් අධ්‍යයනය කරන්න පොටක් පෑදුණා. ඒකෙන් තේරුම් ගන්න පුලුවන් වෙයි අපේ අය ෆේස්බුක් පාවිච්චි කරන්නෙ කොහොමද කියල. මේ බ්ලොග් එක වැඩි දියුණු කරලා ඔයාලාට ලොකු දෙයක් දෙන්න ඒ කලින් කියපු විදියට ලබන අත්දැකීම් වලින් එකතු කරගන්න දැනුමත් උපකාර වෙයි කියල බලාපොරොත්තු වෙනවා.
හැමදේකින්ම එලියට එන අපේ අන්තිම අරමුණ නම් ලංකාවෙ කොල්ලො කෙල්ලො බුද්ධිමත්ව ෆේස්බුක් වගේම වෙනත් සමාජ ජාලා පාවිච්චි කරනවා දකිද්දි අපේ හිත් වලට ලැබෙන සතුට තමයි.

March 9, 2017

ෆේස්බුක් මොබයිල් - අතේ අරං යන මූණුපොත

සුබ දවසක් හැමෝටම. අපි මේ ෆේස්බුක් ගැන කතාකලාට හැමෝම ෆේස්බුක් එන්නෙ කොම්පියුටර්, ලැප්ටොප් වලින් නෙමෙයිනෙ. ගොඩක් අය එන්නෙ ෆෝන් වලින්. හා නැද්ද හා. ගොඩක් වෙලාවට මේ ආටිකල් එක කියවන ඔයත් ෆේස්බුක් ලොග් වෙලා ඉන්නෙ දැන් ෆෝන් එකෙන් වෙන්න පුලුවන්. ඉතිං, අද මම කියන්න යන්නෙ ෆෝන් වලින් එන අයට ලේසියෙන්ම ෆේස්බුක් යන්න, කොම්පියුටර් එකෙන් ෆේස්බුක් ගිහින් කරන දේවල්ම, සමහර විට ඊටත් වඩා දේවල් කරගන්න පුලුවන් වෙන්න ෆේස්බුක් සමාගමෙන්ම හදපු ෆේස්බුක් ඇප් එක ගැන.

අපි හැමෝම දන්න Facebook app එක කියන්නේ නිල් පාට background එක මැද සුදු පාට  f  අකුර තියන app එක. ප්‍රධාන වශයෙන්ම ෆෝන් පාවිච්චි කරන අය වැඩ කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ්, ඇපල්, වින්ඩෝස්  කියන වර්ග තුනනෙ. (ජාවා jar / jad ඇප් ගැන වෙනම ආටිකල් එකක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ)
ඕගොල්ලො පාවිච්චි කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නම් Google playstore හරහාත් ඇපල් ෆෝන් එකක් නම් Apple iTunes හරහාත් ෆේස්බුක් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන අයට Windows Store හරහා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.





වම්පැත්තෙ තියෙන්නෙ ෆේස්බුක් ඇප් එක Android දුරකථනයක පේන හැටි. දකුණු පැත්තෙ තියෙන්නෙ ඇපල් එකක්.


මේක තමා මාර්ක් අයියා හැමෝටම පොදුවේ භාවිතා කරන්න දීලා තියන වැඩකෑලි ගොඩක් තියන  app  එක. හැමෝම දැනගන්න හේතුව තමා වර්ථමානයේ ඔයා  android  තියන මොන  device  එක ගත්තත් company default app  එකක් විදියට ෆේස්බුක් මේ app එක දාලම එවනවා. ඒ වගේම පරිඝණකයක් භාවිතා කරලා  කරන්න බැරි වැඩ කිහිපයක්ම අපිට මේ   app එක මගින් කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට කියනවානම් කිසිම තුන්වන පාර්ශව මෘදුකාංගයක් (3rd party App) නැතිව  live  වීඩියෝ එකක් broadcast  කරන්න පුලුවන්.ඒ වගේම අපිට අලුත්ම update එක මගින් sticker states දාන්නත් පුලුවන්. හැබැයි ඉතින් වැඩකෑලි වැඩී වගේම තමා Data ත් ඉක්මනින්ම ඉවරවෙනවා. 
ඒ වගේම තමා මේ app   එක භාවිතා කරන්නනම් තරමක හෝ RAM capacity එක වැඩි දුරකතනයක් වියයුතුයි. ඒ වගේම ෆෝන් එකට හොඳට සිග්නල් තියෙන්නත් ඕන. 2G සිග්නල් වලින් නම් මේ ඇප් එකේ වැඩ කරන්න අමාරුයි. මාර්ක් අයියා මොනදේ මේ app එකට ඇතුලත් කලත් ඔහු තාම සිංහල අකුරු නම් තාම app එකට දාලා නැහැ. මේ බලන්නකො. අපේම පේජ් එකේ තියෙන ඒවා අපිටම බලන්න බෑ. 


Apple ෆෝන් ගැන කතා කරනකොට නම් තත්වය ටිකක් වෙනස්. මොකද Apple සමාගමෙන් එයාලගෙ ෆෝන් හදන්නෙම ලෝකෙ තියෙන ඕනම අකුරක්, සංකේතයක් පෙන්වන්න පුලුවන් Unicode කියන භාෂා ක්‍රමය උපයෝගී කරගෙන.


ඒ උනාට හැමෝටම Apple නෑනෙ. ගොඩක් අයට තියෙන්නෙ පැපොල්.ඉතින් මේ app එක භාවිතා කරලා Android phone වල සිංහල අකුරු බලන්න ඕනිනම් ඔයාට ඔයාගෙ device එක සිංහල අකුරු පේන තත්වයට හදාගන්න වෙනවා. හැබැයි හැම එකේම ඕන නැහැ.අලුතින් එන සහ පරණ සමහර phones වල විතරක් සිංහල default එවනවා.එහෙම නැති අය හදාගන්න කියන්නේ ඉතින් වෙනත් apps භාවිතයෙන් සිංහල අකුරු ඔයාගේ දුරකතනයට install කරගන්න වෙනවා.එහෙමත් බැරි දුරකථනයක්නම්, කියන්න කණගාටුයි දුරකතනය Root කරන්නම වෙනවා. ඉතින් මේ root කිරිලි fonts installation බුකියට සම්බන්ධ නැති ඒව ගැන මෙතන කියන්න යන්නෙ නැහැ. නමුත් ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවානම් අපිට email එකක් හරි comment එකක් හරි දාන්න.  මේක ඉතින් සමහර අයට කරදරකාරී වැඩක්. ඉතින් එහෙම අය මොකද කරන්නෙ?



Facebook Lite App 

 

Facebook Lite App එක කියන්නේ සුදු පාට background එක මැද නිල් පාට f  අකුර තියන එක. ලංකාවෙ කොල්ලො කෙල්ලො මූණුපොතේ හරි හරි වැඩ දාන්නෙ ඕකෙන් තමයි. පැය 24න් 20ක් හිටියත් සල්ලි වැඩිය කැපෙන්නෙත් නෑ. එපා වෙන තරමට ස්ලෝ වෙන්නෙත් නෑ.




ඉතින් අච්චර හොද app එකක් තියෙද්දි ඇයි මේ තව එකක් එලියට දැම්මෙ කියලා හිතෙනවා නේද? තේරෙන බාසාවෙන් කිව්වොත් මාර්ක් අයියා ඒ app එක release කලේ අපි වගේ දුප්පත් අය ගැන හිතලා. මේ app එකේ තියන ප්‍රධානම වාසිය තමයි data කැපෙන්නෙ ඉතාමත්ම අඩුවෙන්.මොකද මේකේ උඩ ඇප් එකේ වගේ වැඩකෑලි නෑකොටින්ම කීවොත් ලව්, වාව්, හා හා වගේ ජොලි ලයික්ස් දාන්න බෑ.  නිකන්ම like and comment  විතරමයි.  live videos වගේ කිසිම දෙයක් මේකේ නැහැ. ඒ කියන්නේ මේක අර  app  එක තරම් බරත් නැහැ ඒක නිසා  RAM  එක ඉතා පොඩි ප්‍රමාණයක  devicඑකක උනත් කිසි ප්‍රශ්නයක් නැතුව බාවිතා කරන්න පුලුවන්. 

මේ app එකෙත් update නම් සතියකට සැරයක් වගේ එනවා.හැබැයි මොනාද  update  කලේ කියන එක දන්නේ මාක් අයියයි උඩ ඉන්න දෙයියොයි තමා.මොකද අපිට ඇහැට පේන update එකක් ආවෙ මාස 5ටත් කලින්. ඊට ඉස්සර වීඩියෝ බලන්න දුන්නේ නැති උනාට මාස 5 කට විතර කලින් ආව  update  එකේ ඉදන්  lite app එකෙන් video play  කරන්න පහසුකම දුන්නා.හැබැයි  play  වෙන්න කලින්  video  එකේ පෙන්නනවා මෙගාබයිට් කියද කියලත්.  

 හැබැයි ලංකාවේ ගොඩක් දෙනානම් මේ  app  එක පාවිච්චි කරන්නෙ අර උඩ කී කරුණුයි මෙන්න මේ යට කී කරුණයි නිසා. ප්‍රධාන වශයෙන්ම යට කී කරුණ තමා.  ඒ කියන්නෙ මේකේ තියන තවත් විශිෂ්ට පහසුකමක් නිසා. ඒ තමා මේ  app  එකේ  default, ඒ කියන්නේ කිසිම සැකසීමක් සිදු නොකරම සිංහල අකුරු පෙන්නනවා. ඉතිං, ඉස්සෙල්ල කියපු විදියට, සිංහල පෙන්නන්නෙ නැති ෆෝන් වලට හොඳම විසඳුම තමයි  facebook lite  කියන්නේ.




ඔයාගෙ  phone එකේ සිංහල අකුරු පේන්නේ නැත්නම් සහ සැකසීමටත් අමාරුනම් හොදම දේ තමා මේ  app  එක දාගන්න එක.   හැබැයි හැමදේම 100% ක්ම විශිෂ්ට ඒවා ලෝකේ නෑනෙ. ඉතින් ඒ කරුන මතක් කරමින් අපිට සිංහල අකුරු පෙන්නුවාට වචන  limit  කරලා තමා තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි කවුරු හරි දිග post  එකක් දානවා.නමුත් මේ  app  එකෙන් බැලුවොත් පේන්නේ බාගයක් විතරයි. නමුත්  comment  වල එහෙම  limit  එකක් නැහැ. අන්න ඒකයි සමහර  page  වල දාන්නේ  lite  බාවිතා කරන අය ඉතුරු ටික කියවන්න පලවෙනි  comment  එකෙන් කියලා දාන්නෙ. අනිත් හොදම දේ තමා මේ  app  එකෙන්ම අපිට  chat  කරන්නත් පුලුවන්.



Facebook Messenger App

නිල්පාට අහසක සුදුපාටින් විදුලියක් කොටනවා කොටනවා වගේ දැක්කොත් ඒක තමයි මේක. විදුලි වේගෙන් ලෝකෙ ඕනම දිහාවකට මැසේජ් යවන්න පුලුවන් ඇප් එකක් තමයි මේක. 



මේකත් ඉතින් ඔක්කෝම වගේ දන්නවනේ. මේකෙත් වැඩ ගොඩක් දැන්නම් තියෙනවා. අලුතින්ම ආව  update  එකේදී නියම වැඩක් හදුන්වලා දුන්නා.ඒ තමා හොර රහසේ  chat  කිරීම කියන සංකල්පෙ . ගෙදරට හොරෙන් ලව් කරන අයටයි නංගිල දෙන්නෙක් එක්ක එකපාර මල් කඩන අයියලටයි නම් මේ අප්ඩේට් එකේ තියෙන වාසිය කියල නිමකරන්න බෑ. තේරෙන බාසාවෙන් කියනවානම් ඔයා කාට හරි දාන  message  එකක් එයා  read  කලාට පස්සෙ ඔයා කලින් තීරණය කරලා තිබ්බ වෙලාවක  auto  මැකෙන්න හදන්න පුලුවන්. හැබැයි ඉතින් මේක කරන්න නම් දෙන්නගෙම messenger app එක තියෙන්න ඕන.

ඊට අමතරව ඉතාමත් ලස්සන  sticker සහ  animation  වගේ දේවලුත් තියනවා. ඔයා නිකමට වගේ කාට   හරි  heart  එකක් යවල බලන්නකෝ. මුලු chat box එකම හදවත් වලින් පිරී ඉතිරී පිටාර ගලා දෝරෙගලා යාවි. හැබැයි ඉතින් මේක පේන්නෙ messenger app එකේ විතරයි. (කාටහරි කිවුවට ෆේස්බුක් ඉන්න හැමෝටම හාට් යවන්න එපා ඈ. අර අරයට වගේ පොරෝ පාරක් තමයි හම්බ වෙන්නෙ)

විතරක් නෙමෙයි, game ගහන්න ආස අය වෙනුවෙන් chat  කරන ගමන්  game  ගහන්න හැංගුන  games  ටිකකුත් තියනවා.ඉතින් එකී නොකී තව ගොඩාක් දේවල් මේකෙනම් තියනවා.ඒ හැමදේම වෙනම පෝස්ට් එකකින් ඉක්මනින්ම දාන්නම්. මේ කිව්වේ  Facebook  සම්බන්ද දේවල්නේ.නමුත් දැන්  Messenger  එක ඊට එහා ගිය  app  එකක් වෙලා.එහෙම කියන්න හේතුව තමා  Facebook  වලින් බාහිරව දාන  direct messages  දාන්නත් සහ ඔයාගෙ Contact List (phonebook) එක බලන්නත් දැන් මේ  app  එකෙන්ම පුලුවන්. හැබැයි  contact list  එක දෙන්නෙ බලාගෙනයි. ඔයාගෙ numbers ඔක්කොම ෆේස්බුක් සමාගමට යාවි එතකොට. විශේෂයෙන්ම messenger  පාවිච්චි කරලා ඔයාට voice call සහ video call  ගනනත් ඔය දෙකම නැතුව live video එකක් එහාපැත්තෙ ඉන්න කෙනාට  broadcast  කරන්නත් දැන් පුලුවන්. ඊට අමතරව  voice messages, photos, document  වගේ තව ගොඩක් දේවල්  share කරගන්නත් ඉතා ප්‍රයෝජනවත් app එකක් මේක






 වම් පැත්තේ තියෙන්නේ මැසේජ් බොට් (Message Bot) එකක් සහ දකුණේ තියෙන්නෙ හාර්ට් වලින් පිරී ඉතිරීගිය ආදර පණිවිඩයක්



වම් පැත්තේ තියෙන්නේ රහසිගතව යැවූ මැසේජ් එකක් මැකීයාමට පෙර සහ දකුණේ තියෙන්නෙ ඒ මැසේජ් එකම මම කලින් දීපු වෙලාවකට පස්සෙ නිකන්ම මැකී ගොස් ඇති අයුරු


Facebook Lite Messenger App



Lite app  එක වගේම  low cost devicවලට හදපු  chat  කරන්න තියෙන  app  එක.ලගදී  release  කලාට තාම නම් මේකෙ 'මෙලෝ රහක් පේන්න නෑ'. අඩුම තරමේ සිංහල අකුරුවත් පේන්නෙ නැහැ වගේම මේකෙ කරන හැමදේම  lite app  එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුලුවන්. හැබැයි ඉතින් මේකත් 2G signal තත්වයක් යටතේ වුවද හොදින් බාවිතා කරන්න නම් පුලුවන්.


ඉතින්,  Group  වලට, page කරන අයට මේ වගේ වෙනම වගේ ගොඩාක් කේෂ්ත්‍ර වලට වෙනවෙනම  apps  ෆේස්බුක් සමාගමෙන් දැන්  release කරලයි තියෙන්නේ. ඒවත් දාගෙන පාවිච්චිකරලා බලන්න. ඉතින් මේ පොදුවේ  apps 4  ගැන සාරංශයක් වගේයි කලේ. මේවා ගැන වෙන වෙනම තනි පෝස්ට් දාන්න ඕන. ඒවාත් මම ඉක්මනින්ම දාන්නම්. එතකන් සුබ දවසක්


previous post next post home

fbsinhalen ©2016 fbsinhalen.blogspot.com - All Rights Reserved
Original Template by Blogger and was moderated & re-designed by Nimsara Madubashini