May 15, 2017

හදිසියේ ලියන ලදී. මේ දිනවල පරිගණක වලට එන ඇටෑක් එක ගැන....

මේ පෝස්ට් එක ෆේස්බුක් ගැන නම් නෙමෙයි. හදිසියේම මේ බ්ලොග් එකට අදාල නැති දෙයක් ගැන ලියන්න හිතුනෙ මේ දිනවල කවුරුත් කතා බහ කරන සයිබර් ඇටෑක් එක ගැන. 
මේක එනවා කියන්නෙ අන්තර්ජාලයෙන්. මේකෙදි වෙන්නෙ ඉතාම සරලව කිවුවොත් ඔයාගෙ කොම්පියුටර් එකේ තියෙන ඩේටා ටික ලොක් කරන එක. ඊට පස්සෙ ලොක් එක අරින යතුර (key එක) උන්ගෙ අතට යනවා. ඒක ඇරල දෙන්න නම් ඔයා උන්ට ගෙවීමක් කරන්න ඕන. හරියට නිකං බ්ලැක්මේල් කරනව වගෙ වැඩක්. 
ඒ විතරක් නෙමෙයි. උන් ඔයාගෙ කොම්පියුටර් එක ලොක් කරන්නෙ විශේෂ ක්‍රමේකට. ඒකට කියන්නෙ ඩේටා එන්ක්‍රිප්ට් කරනවා කියල. (Data Encryption) ඒක කරන්නෙ මෙහෙමයි.
පබ්ලික් කී (Public Key) කියල තමයි ඒ යතුරට කියන්නෙ. ඒ යතුරෙන් අපේ කොම්පියුටර් එකේ ගබඩා කරල තියෙන සේරම දේවල් කාටවත් ඕපන් කරගන්න බැරි ප්‍රමාණයෙන් කුඩා ෆයිල් විදියට සකසනවා. ඒවයෙ ඩේටා තියෙන්නෙ මෙන්න මෙහෙම.

MBLl0ofMvQgFKXkjjCbZbuQprjCEix8Zohx6QuQF1DPuqpBLDRnpRYZpZCpoDeqW
UOo69OZ4iKbx6vAMyTv+iOL+qiAL+
iI9nC/WEvcU9MnrwhWR+unMUvo9/JROnmeD
vHnL4ZNpaVEVvoi0w6aHUM0pu8o3fc
RHMA8NqULCH7oZ/cwVbR4enWSWSFBq6sal
32GGifLYwkX5bSsr3vvHXIdHFsMilF
N4ai7YwHVFwjMnUSzNRHeFRw6ScQrWlEYj

ඒවා දැන් පරිගණකයේ ඔපරේටින් සිස්ටම් (Windows) එකටවත් ඔයාටවත් පාවිච්චි කරන්න බෑ. අර ලොක් කරපු යතුර ඔයා ගාව නෑනෙ. බැරි වෙලාවත් ඔයා ලොක් කරපු යතුර මොන සෙල්ලමක් දාලා හරි හොයාගත්තා කියමුකො. ඒත් වැඩක් නෑ. මොකද ලොක් එක අරින්නෙ ඒ යතුරෙන් නෙමෙයි. වෙන යතුරකින්. ඒකට කියන්නෙ ප්‍රයිවට් කී (Private Key) කියල. වෛරස් එකෙන් ඔයාගෙ ඩේට එන්ක්‍රිප්ට් කරපු ගමන්ම ඒවා ආපහු යථා තත්වයට ගන්න ඕන කරන යතුර අරුන් ගාවට යනවා. ඒක පාවිච්චි කරල ආපහු ඕක හදල දෙන්න නම් උන්ට ගෙවන්න ඕන. (ඩොලර් 300ක්ලු. ඒ කියන්නෙ ලංකාවෙ රුපියල් 45000 වගේ මුදලක්) ඔයාගෙ දෙයක් පැහැරගෙන ඒක ආපහු දෙන්න නම් කප්පම් ඉල්ලනව වගේ වැඩක්. 


ඔය රූපෙ තියෙන්නෙ එහෙම කප්පම් ඉල්ලලා ආපු ඇඩ් එකක්. යටම තියෙනවා බලන්න Pay With Bitcoin කියල. ක්‍රෙඩිට් කාඩ් වලින් හෝ පේපෑල් වගේ දෙයකින් ගෙව්වම කප්පම් ගන්න එකා ඉන්නෙ කොහෙද කියල අහු වෙන නිසා බිට්කොයින් වලින් ගෙවන්න කියනව. එතකොට හොයන්න බෑ.

කොහොමද මේ ඇටෑක් එක සිද්ධ වෙන්නෙ?


මේක වෙන්නෙ වෛරස් එකක් ඔයාගෙ කොම්පියුටර් එකට ඒමෙන්. කොම්පියුටර් භාෂාවෙන් කියනවා නම්, මේක අයිති වෙන්නෙ ‍රැන්සම්වෙයා (Ransomware) කියන වෛරස් ජාතියට.  ප්‍රධාන වෛරස් වර්ග 3ක් තියෙනවනෙ. Worms, Malware, Trojan Horse කියල. මේ ‍රැන්සම්වෙයා කියන ජාතිය අයිති වෙන්නෙ ට්‍රෝජන් හෝස් කියන වර්ගෙට. ඔයාල අහල ඇතිනෙ ට්‍රෝයි පුරයේ කතාව. ඒකෙ ට්‍රෝජන් අශ්වයා වගේ තමයි මේ වෛරස් එක වැඩ කරන්නෙ. අපි ලවාම අපේ කොම්පියුටර් එකට රිංගගෙන ඊට පස්සෙ ඒක විනාස කරල දානව.

ට්‍රෝජන් වලට / ‍රැන්සම්වෙයා වලට පුලුවන් ඔයාගෙ කොම්පියුටර් එකේ තියෙන ඩේටා ඩිලීට් කරන්න, බ්ලොක් කරන්න, වෙනස් කරන්න (එන්ක්‍රිප්ට් කරනවා වගේ දේවල්), කොපි කරන්න (කරල අරූට යවන්න)... ඔය වගේ දේවල්...

මොනවද මේ ට්‍රෝජන් වලින් අපේ කොම්පියුටර් එකේ කරන්නෙ?

ආ...වැඩ ගොඩක් කරනවා ඒකෙන්. ප්‍රභාකරන්ට වඩා භයානකයි වගේ. ප්‍රධානම ටිකක් කියන්නම්.
1. Backdoor - මේ වෛරස් එක හදපු කෙනාට ඔයාගෙ කොම්පියුටර් එකේ ෆයිල් වල පාලනය අතට දෙනවා.
2. Rootkit - වෛරස් ගාඩ් වලින් වෛරස් එක හඳුනාගන්න එක වලක්වන්නත් මෙකට පුලුවන්
3. Trojan-Banker - ඔන්ලයින් බෑන්කින් වගේ කරන අය ඉන්නවා නම් ඒ එකවුන්ට් වල විස්තර කොපි කරලා වෛරස් එක හදපු කෙනාට යවන්නත් පුලුවන්.
4. FakeAV - බොරු ඇන්ටිවෛරස් එකක් විදියට වැඩ කරලා ඇත්ත ඇන්ටිවෛරස් වැඩසටහනේ ක්‍රියාකාරිත්වය නවත්තලා දානවා.
5. Trojan-IM - සමාජ අඩවි, වෙනත් වෙබ්සයිට් වල සහ කොම්පියුටර් යූසර් එකවුන්ට් එකේ පවා පාස්වර්ඩ් උස්සනවා.
6. Ransom - මේක තමයි මේ දවස් වල හැමෝම කතා වෙන එක. ඩේට එන්ක්‍රිප්ට් කරල ඒවා හරිගස්සන්න නම් කප්පම් ඉල්ලනවා

අපි කොහොමද මේකෙන් බේරෙන්නෙ?

ඔයාගෙ වැදගත් හා පුද්ගලික දත්ත එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකකට (External HDD) හෝ CD, DVD වගේ ඒවට බැකප් කරල තියාගන්න. එතකොට මෙහෙම ප්‍රශ්නයක් උනත් කොම්පියුටර් එක ෆෝමැට් කරල ආපහු අර ටික දාගන්න විතරයි තියෙන්නෙ. අවදානමට පෙර සූදානම හොඳයි කියනවනෙ.
ඊමේල් එකවුන්ට් එක බලද්දි නොදන්න අයගෙන් ආපු ඒවා, ස්පෑම් (Spam / Junk) ඊමේල් විවෘත නොකර ඉන්න තරමට හොඳයි.
තමන්ට ඉතාම විශ්වාස ටොරන්ට් සයිට් ඇර වෙනත් ටොරන්ට් සයිට් පාවිච්චි කිරීමෙන් වලකින එක හොඳයි. ඒ වගේම සොෆ්ට්වෙයා, ඩ්‍රයිවර්ස් (Software & Drivers) ඩවුන්ලෝඩ් කරද්දි එයාලගෙ ඔෆීෂියල් වෙබ් සයිට් එකෙන් පමණක් ඒවා ලබාගන්න.

මේක පිරිමි ළමයින්ට විශේෂයි. අරයාගේ නිල් වීඩියෝ එකක් බලන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න කියල  එක එක ලින්ක් ආවට ඒවා ක්ලික් නොකර ඉන්න හිත හදාගන්න ඕන. ඕක නොබල හිටියට මැරෙනවයැයි, නේද.
තව ඔයාගෙ කොම්පියුටර් එකේ තියෙන සෑන්ඩ්බොක්ස් (Sandbox) වගේ දේවල් හැකිතාක් පාවිච්චි කරන්න.
වෛරස් ගාඩ් එක හැමවිටම අප්ඩේට් කරන්න. වින්ඩෝස් අප්ඩේට් කරන්න. අලුත්ම වින්ඩෝස් 10 අප්ඩේට් එක පාවිච්චි කරන අයට නම් මේ ඇටෑක් එකෙන් අවුලක් වෙන්නෙ නෑ කියල මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කරල තියෙනවා. ඒ නිසා 10 පාවිච්චි කරන අය ඒ අප්ඩේට් එක ඉක්මනින්ම කරගන්න. වින්ඩෝස් වෙනත් වර්ෂන් (උදා: XP, 7, 8, 8.1) පාවිච්චි කරන අයට පැච් එකක් (patch) එකක් හදල තියෙනවා මයික්‍රොසොෆ්ට් සමාගමෙන්.අනිවාර්යයෙන් ඒක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න කියල එයාලා කියනවා. මෙතන ක්ලික් කරල ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඔෆීෂියල් පේජ් එකට යන්න ඔයාලට පුලුවන්.

 මේ පුංචි වීඩියෝ එකත් බලන්නකො. (ඉංග්‍රීසි)

හදිසියෙ ලියපු ලිපියක්. අනිත් අයටත් දැනගන්න හැකිතාක් ෂෙයා කරන්න කියල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා...


May 7, 2017

email එකට ෆේස්බුක් notification එන එක කරදරයක්ද?

සමහරු කියනවා ඊමේල් එකට ෆේස්බුක් නොටි‍ෆිකේෂන් 100ක් විතර එනවා දවසකට. ඒක නවත්තගන්නෙ හෝ අඩු කරන්නෙ කොහොමද කියල. ඒක 100%ක් නවත්තගන්න නම් බෑ. නමුත් 99%ක්ම අඩු කරගන්න පුලුවන්. ඒ කියන්නෙ මාසෙකටම ඊමේල් 2-3ක් පමණක් එන විදියට (උපරිම උනොත්) ෆේස්බුක් නොටි‍ෆිකේෂන් ඊමේල් එකට එන එක නවත්තගන්න පුලුවන්. මේ අපි කෙටියෙන් සරලව කියා දෙන්නෙ එහෙම කරන හැටි. 

මුලින්ම යන්න ඔයාගෙ එකවුන්ට් එකේ Settings වල Notification කියන ටැබ් එකට.  මේ ලින්ක් එක ක්ලික් කරන්නකො ඒකට.







ඉන්පස්සෙ ඒකෙ Email කියන කොටසට ගියාම ඔයාලට පෙනෙයි ඔය රතුපාටින් කො‍ටු කරල තියෙනව වගේ එකක්. බලනන් ඒකෙ ටික් කරල තියෙන්නෙ කෝකද කියල. උඩම එක (All Notifications) ටික් කරල නම් ඒ කියන්නෙ ඔයාගෙයි යාලුවන්ගෙයි පේජ් වලයි ගෲප් වලයි හැම මගුලක්ම ඔයාගෙ ඊමේල් එකට එනවා.



දෙවෙනි එකට ටික් එක දැම්මොත් ඒ කියන්නෙ ඔයාගෙ පෝස්ට් සහ ඔයාව ටැග් වෙලා තියෙන පෝස්ට් ගැන විතරයි නොටි‍ෆිකේෂන් එන්නෙ. යාලුවන්ගෙ, පේජ් වල ඕපදූප එතකොට එන්නෙ නෑ.
අන්තිම එක (මං දාල තියෙන එක) ටික් කලොත් මාසෙකටම උපරිම වශයෙන් නොටි‍ෆිකේෂන් දෙකක් තුනක් එයි. ගොඩක් වෙලාවට ඒකත් නෑ. කිසිම පෝස්ට් එකක් ගැන නෙමෙයි. අලුත් බ්‍රව්සර් එකකින් ලොග් උනාම, පාස්වර්ඩ් මාරු කලාම වගේ විශේෂ අවස්ථාවල විතරයි ඒ නොටි‍ෆිකේෂන් එන්නෙ. 

ආ තව එකක් තියෙනවා. දැන් ෆේස්බුක් අලුත්ම ට්‍රෙන්ඩ් එක ලයිව් වීඩියෝනෙ. ඔයාගෙ ලයිව් වීඩියෝ වලට එන කොමෙන්ට් ගැන ඊමේල් නොටි‍ෆිකේෂන් එන එකත් On / Off කරන්න පුලුවන්. පහල රූපෙ රතුවෙන් කො‍ටු කරල තියෙන එක බලන්නකො. 


ඒ වගේම, ඔයාට ෆේස්බුක් පේජ් තියෙනවා නම්, ඔයා පේජ් ඇඩ්මින් කෙනෙක්නම්, පේජ් එකට එන කොමෙන්ට්ස්, ලයික්ස්, මෙන්ෂන්ස් වගේ ඒවයෙ නොටි‍ෆිකේෂන්ස් එහෙමත් ඊමේල් එකට එනවනෙ. ඒක නවත්තන්නත් ඕන නම්, පල්ලෙහා රූපෙ විදියට කරන්න.
Page Settings → Notifications ටැබ් එකට ගිහින් බලන්න. රතු පාටින් කො‍ටු කරල ඇත්තෙ, පහල රූපෙ.



අන්තිමට, මේක ක්‍රෝම් (Google Chrome) බ්‍රව්සර් එක පාවිච්චි කරන අයට. ඔයාල අත්විඳල ඇති. බ්‍රව්සර් එකෙන් ඔයාල ෆේස්බුක් ලොග් අවුට් වෙලා නැත්නම්, බ්‍රව්සර් එකෙන් වෙන වැඩක් කරන වෙලාවට උනත් පැත්තකින් පොඩියට ෆේස්බුක් නොටි‍ෆිකේෂන් එනවා නේද? ඒක නවත්වන්නත් පුලුවන් ඒක වදයක් වගේ නම්. ඒත් අර වගේම සෙටින්ස් වල නොටි‍ෆිකේෂන් කියන ටැබ් එකට යන්න ඕන. පහල රූපෙ බලන්නකො.



පාඩම ඔච්චරයි. අලුත් දෙයක් දැනගත්තා නම් හරි, ප්‍රශ්න ගැටලු යෝජනා චෝදනා තියෙනව නම් හරි කොමෙන්ට් එකක් දාගෙනම යන්න.



previous post next post home

fbsinhalen ©2016 fbsinhalen.blogspot.com - All Rights Reserved
Original Template by Blogger and was moderated & re-designed by Nimsara Madubashini